සැප්තැම්බර් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාතික දැනට පවතින මට්ටමේ පවත්වා ගනී

    සැප්තැම්බර් 27, 2024

    ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ (26)  පැවති රැස්වීමේ දී මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 8.25 සහ සියයට 9.25 ලෙස දැනට පවතින මට්ටමේ පවත්වාගෙන යෑමට තීරණය කර ඇත.

    ආර්ථිකයට එහි උපරිම ධාරිතා මට්ටම කරා ළඟා වීමට සහාය වෙමින්, මැදි කාලීනව, උද්ධමනය ඉලක්කගත සියයට 5ක මට්ටමේ පවත්වාගෙන යෑම සඳහා වත්මන් සහ අපේක්ෂිත සාර්ව ආර්ථික ප්‍රවණතා මෙන්ම දේශීය හා ගෝලීයව ඇතිවිය හැකි අවදානම් හා අවිනිශ්චිතතා පිළිබඳව ද මනාව සලකා බැලීමෙන් අනතුරුව මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය මෙම තීරණයට එළැඹිණි.

    විශේෂයෙන්ම පරිපාලිත මිල ගණන් වෙනස් කිරීම සහ සැපයුම් තත්ත්වයන්ගේ වර්ධනය හේතුවෙන් ඉදිරි කාර්තු කිහිපය තුළදී උද්ධමනය ඉලක්කගත සියයට 5ට වඩා බෙහෙවින් අඩු මට්ටමක් දක්වා පහළ යෑමේ හැකියාවක් පවතින බවත්  නුදුරු කාලයේ දී  අවධමනයක් වාර්තා කිරීමේ හැකියාවක් ද පවතින බවද මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය නිරීක්ෂණය කර ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya