සැප්තැම්බර් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා කෘෂිකාර්මික සේවයේ විවෘත තරඟ විභාගයේ ඉහළම සුදුසුකම් ලැබූ 142ට සහකාර අධ්‍යක්ෂ තනතුරු

    සැප්තැම්බර් 26, 2024

    2021 වර්ෂයේ පවත්වන ලද ශ්‍රී ලංකා කෘෂිකාර්මික සේවයේ විවෘත තරඟ විභාගයේ ප්‍රතිඵල අනුව සම්මුඛ පරීක්ෂණයකින් අනතුරුව ඉහළම සුදුසුකම් ලද 142 දෙනෙකුට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ තනතුරු සඳහා පත්වීම් ප්‍රදානය ඊයේ (25) දින සෙත්සිරිපාය දෙවන අදියරේ නාගරික සංවර්ධන අධිකාරී ශ්‍රවනාගාරයේදී පැවැත්විණි.

    නවක නිලධාරීන් සඳහා පත්වීම් ප්‍රදානය කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත්, වාරිමාර්ග, ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශ ලේකම්  එම්.පී.එන්.එම්. වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය. මෙම අවස්ථාව සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් කමනි රණතුංග මහත්මිය සහ කෘෂිකර්ම අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරු ඇතුළු රජයේ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya