සැප්තැම්බර් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලොකු ඵෑණු අස්වැන්න නෙලීම ඇරඹේ

    සැප්තැම්බර් 26, 2024
    2024 යල කන්නයේ ලොකුළූණු වගාවේ අස්වැන්න නෙලීම ආරම්භ කර ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කරයි . ප්රධාන වශයෙන් මාතලේ සහ අනුරාධපුර දිස්ත්රික්ක මුල් කර ගනිමින් හෙක්ටයාර 1500 ක පමණ භූමි ප්රමාණයක ලොකු ළුෑණු වගාව සිදු කර ඇති අතර මේ දිනවල සාධාරණ මිලකට ගොවීන්ගෙන් ලොකු ළූණු මිලට ගැනීම සිදු වන බව වාර්තා වන බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි

     වගාව ආරම්භයේ වර්ෂාවෙන් හානි පැමිණියද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සහ පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ දැඩි කැපවීම මත වගාව සාර්ථක කර ගැනීමට හැකි වූ බව ලොකුළූණු බෝග නායක සහකාර කෘෂිකර්ම අධ්යක්ෂ ඩී.ආර්. කාංචන මහතා පවසයි.

    කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ලොකුළූණු ප්රවර්ධන වැඩසටහන යටතේ සුදුසු නව ක්ෂේත්ර හඳුනාගෙන ඇති අතර 2025 වසරේ යල කන්නයේදී හෙක්ටයාර 2000කට වඩා වැඩි භූමි ප්රමාණයක් වගා කිරීමට සැලසුම් කර ඇති බව ද ඒ මහතා වැඩිදුරටත් පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya