සැප්තැම්බර් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අභිනව ජනපතිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් සුබ පැතුම්

    සැප්තැම්බර් 26, 2024

    ශ්‍රී ලංකාවේ අභිනව ජනපති අනුර කුමාර දිසානායක මහතාට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා මහත්මිය සුබ පැතුම් පිරිනැමීය.

    ජනාධිපතිතුමා වෙත විශේෂ සුබපැතුම් පණිවිඩයක් යොමු කරමින් ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා මහත්මිය සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාවේ හවුල්කරුවෙකු ලෙස අඛණ්ඩව කැපවි කටයතු කරන බවත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකාව අතර පවතින අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක සබඳතාව තවදුරටත් ශක්තිමත් කිරීමට බලාපොරොත්තු වන බවත්ය.

    එසේම ශ්‍රී ලංකාවේ සංවර්ධන සහ ප්‍රතිසංස්කරණ ඉලක්ක සපුරා ගැනීම සඳහා අවශ්‍ය පූර්ණ සහාය ලබා දීමට සූදානම් බව ද ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා මහත්මිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සහතික වී තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya