ඒ මහතා මේ බව පැවසුවේ මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත සහ මැතිවරණ ප්‍රචාරක වියදම් පිළිබඳ දැනුවත් කිරීමේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (23) පැවැති මාධ්‍ය සාකච්ඡාවට එක් වෙමිනි.
මෙම පනත පිීළබඳ මූලික සාකච්ඡා ආරම්භ වන්නේ වර්ෂ 2010න් පසුව බව සඳහන් කළ ඒ මහතා 2014 වර්ෂයේදී නැවතත් මෙම සාකච්ඡා පැවති අතර වර්ෂ 2017 දී මෙම පනතට කැබිනට් අනුමැතිය හිමිවූ බවද එහිදී සඳහන් කළේය. නමුත් මෙම පනත ක්‍රියාත්මක නොවු බව පවසන රත්නායක මහතා නැවත 2021 දී කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ගෙන ඒමෙන් අනතුරුව සම්මත කර තිබෙන බවත් පෙන්වා දුන්නේය.
වර්ෂ 2023 ජනවාරි මාසයේ 18 සහ 19 යන දෙදින පාර්ලිමේන්තුවේදී මැතිවරණ වියදම් නියාමන පනත විවාදයට ගැනෙන අතර ජනවාරි මස 24 වැනි දින කථානායකවරයා මෙම පනතට අත්සන් කර ඇති බවද හෙතෙම පෙන්වා දුන්නේය.මෙම කාලසීමාවේදී පළාත් පාළන ඡන්ද විමසීම සඳහා නාමයෝජනා භෘර ගැනෙන අවස්ථාව බව සඳහන් කළ ඒ මහතා මෙම නීතීය සම්මත වූයේද එම කාලයේදී බව සඳහන් කළේය.නාමයෝජනා අවසන් දින සිට දින 5ක් ඇතුළත දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් නායකයින් මැතිවරණ කොමිෂන් සභාව විමසා අවසර ලත් මුදල තීරණය කළ යුතු බවද වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
කාලයක් තිස්සේ බලාපොරොත්තු වූ නීතියක් අඩුපාඩු සහිතව හෝ 2023 වර්ෂයේ සම්මත වූ බැවින් අද වනවිට ජනාධිපතිවරණය සඳහා මෙම නීතිය යොදා ගන්නා බවත් ජනමත විචාරණය හැරුණු විට සියලුම මැතිවරණ සඳහා මෙම පනත අදාළ වන බවද රත්නායක මහතා කීය.
ඒ අනුව මෙවර ජනාධිපතිවරණයේදී එක් ඡන්දදායකයෙක් වෙනුවෙන් අපේක්ෂකයකුට රුපියල් 109 ක උපරිම මුදලක් වියදම් කළ හැකි බවට තීරණය කළ බවත් එම වටිනාකම තීරණය කරනු ලැබුවේ මෙම පනතේ තීරණ මත බවද හෙතෙම පෙන්වා දුන්නේය.මෙම සීමාවට හේතු වූයේ සෑම අපෙක්ෂකයකුටම සමබිමක් ලැබිය යුතු නිසා බවද රත්නායක මහතා අවධාරණය කළේය.
මැතිවරණ කාලයකදි නිර්නාමික පරිත්‍යාග අපේක්ෂකයන්ට වැඩිවශයෙන් ලැබෙන බව පවසන ඒ මහතා ඡන්දදායකයා නියෝජනය කිරීමක් වෙනුවට තමන්ට මුදල් ලබා දෙන ආයෝජකයාගේ අපේක්ෂාවන් ඉටු කිරීමට මෙමගින් පෙළඹීමක් ඇතිවන බැවින් එවැනි කාරණා සිදු නොවීමට මෙම පනතින් හැකියාව ලැබෙන බවද සඳහන් කළේය.