සැප්තැම්බර් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාස 9කදී 784ට ඊශ්‍රායලයේ සාත්තු සේවිකා රැකියා

    සැප්තැම්බර් 13, 2024

    2024 වසරේ ජනවාරි සිට මේ දක්වා ගතවූ මාස 8ක කාලය තුළ ඊශ්‍රායලයේ සාත්තු සේවා ක්ෂේත්‍රයේ රැකියා සඳහා ශ්‍රි ලාංකිකයින් 784 දෙනෙකු පිටත්ව ගොස් ඇති අතර, ඊශ්‍රායලයේ සාත්තු සේවක රැකියා සදහා සුදුසුකම් ලැබූ තවත් කාන්තාවන් 19 දෙනෙකු වෙත ගුවන් ටිකට්පත් ලබාදීම අද දිනයේදී (9/12) ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ දී සිදුවිය.

    මෙම පිරිස සැප්තැම්බර් මස 15 දින ඊශ්‍රායලය බලා පිටත්ව යාමට නියමිතයි.

    ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා ඊශ්‍රායලයේ ෆීබා ආයතනය අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුම අනුව මේ වන විට ශ්‍රි ලාංකිකයින් 1,618 දෙනෙකු සඳහා ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා අවස්ථා උදා වී තිබේ.    

    ලොව හොඳම සාත්තු සේවා ආර්ථිකය ඇති රට බවට ශ්‍රි ලංකාව පත්කිරීම ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අපේක්ෂාව වන අතර, ඒ වෙනුවෙන් යුරෝපා, මැදපෙරදිග හා නැගෙනහිර ආසියානු රටවල සාත්තු සේවා රැකියා සඳහා ශ්‍රි ලාංකිකයින් වැඩි වශයෙන් යොමුකිරීම සඳහා මේ වනවිට කටයුතු කරමින් පවතී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya