සැප්තැම්බර් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාර්ගගත ක්‍රමයට බඳවාගැනීම නිසා රුපියල්‌ ලක්ෂ 100ක්‌ රජයට ඉතුරුයි

    සැප්තැම්බර් 11, 2024

    විද්‍යාපීඨ ශික්ෂණලාභීන්‌ බඳවාගැනීම මෙවර මාර්ගගත ක්‍රමයට සිදුකිරීම නිසා රජයට රැපියල්‌ මිලියන දහයක පමණ මුදලක්‌ ඉතුරු වූ බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල්‌ ප්‍රේමජයන්ත මහතා පැවසීය.

    ඒ අධ්‍යාපන අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවක්‌ අතරතුරදීය.

    විද්‍යාපීඨ ශික්ෂණලාභීන්‌ බඳවාගැනීම සඳහා මින්‌ පෙර රුපියල්‌ මිලියන 13.5ක්‌ වැය වූ අතර මෙවර ඒ සඳහා වැය වූයේ මිලියන 3.5ක මුදලක්‌ බවත්‌ ඒ අනුව රුපියල්‌ මිලියන 10ක මුදලක්‌ රජයට ඉතිරි කරගැනීමට හැකි වූ බවත්‌ අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    ශික්ෂණලාභීන්‌ බඳවාගැනීම සඳහා පෙර වසර එකහමාරත්‌ දෙකත්‌ අතර කාලයක්‌ ගත වූ අතර මෙවර මාස 04ක්‌ වැනි ඉතා කෙටිකලක්‌ තුළ එම බඳවාගැනීම්‌ කාර්යක්ෂම ව සිදු කළ හැකි වූ බවත්‌ අමාත්‍යවරයා මෙහි දී ප්‍රකාශ කළේ ය.

    ඉන්ෆොමැටික්‌ තාක්ෂණික ආයතනය (information institute of Technology) අමාත්‍ය මණ්ඩල හා නීතිපති අනුමැතිය සහිත ව මේ කාර්ය සඳහා පූර්ණ තාක්ෂණික දායකත්වය සපයා ඇත.

    මෙහි දී අධ්‍යාපන විශ්වවිද්‍යාලය පිහිටුවීම සම්බන්ධයෙන්‌ ද අදහස්‌ දක්වමින්‌ අමාත්‍යවරයා කියා සිටියේ විද්‍යාපීඨ 19 ම ඒකාබද්ධ කර අධ්‍යාපන විශ්වවිද්‍යාලය පිහිටවීමේ අවසන්‌ කෙටුම්පත නීතිපතිවරයා වෙත යොමු කර ඇති බවත්‌ ලබන සතිය වන විට එම කටයුතු ද නිරවුල්‌ වී එය ලද පසු කැබිනට්‌ මණ්ඩලය වෙත යොමු කිරීමට කටයුතු කරන බවත්‌ ය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya