සැප්තැම්බර් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා 'A' කණ්ඩායමට දකුණු අප්‍රිකාවේ දී සිව්දින තරඟ ජයක්

    සැප්තැම්බර් 12, 2024

    දකුණු අප්‍රිකානු 'A' කණ්ඩායමට එරෙහිව කිම්බර්ලිහි පැවැති පළමු නිල නොවන සිව්දින කිකට් තරඟයෙන් කඩුලු 6ක ජයක් වාර්තා කිරීමට පසිඳු සූරියබණ්ඩාරගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා 'A' ක්‍රීඩකයෝ ඊයේ (11) සමත්වූහ.

    දකුණු අප්‍රිකාවට එරෙහිව ඔවුන්ගේ නිජ බිමේදී ශ්‍රී ලංකා 'A' කණ්ඩායමක් සිව්දින තරඟයක් ජය ගත් පළමු අවස්ථාව ලෙසින්ද මෙම තරඟය ඉතිහාසයට එක් විය.

    දකුණු අප්‍රිකානු පිල පළමු ඉනිම වෙනුවෙන් ලබා ගත් ලකුණු 372 කට පිළිතුරු වශයෙන් ශ්‍රී ලංකා ඒ පිල ලකුණු 323 ක් ලබා ගත්තේය. ලකුණු 49ක් ඉදිරියෙන් සිටිමින් සිය දෙවන ඉනිම ඇරඹූ දකුණු අප්‍රිකානු පිල ලකුණු 124කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් විය.

    විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ඉෂිත විජේසුන්දර ලකුණු 34කට කඩුලු 7ක් බිඳ හෙළීමට සමත් විය. ජයග්‍රහණය සඳහා ලකුණු 174ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා 'A' ක්‍රීඩකයෝ කඩුලු 4ක් පමණක් දැවී එම ඉලක්කය සපුරා ගැනීමට සමත් විය.

    ඉනිම දෙකේදීම පිත්තෙන් දස්කම් දැක්වූ ඕෂද ප්‍රනාන්දු(122 & 80) තරඟයේ වීරයා ලෙස නම් කෙරිණි. ඒ අනුව තරඟ 2කින් යුත් සිව්දින තරඟාවලිය 1-0ක් ලෙස පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකා පිල සමත්ව සිටී.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya