සැප්තැම්බර් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තුන්කොන් තරඟාවලියට යන බාළිකා පිලේ නායකත්වය මනුදිට

    සැප්තැම්බර් 13, 2024

    වයස අවුරුදු 19 න් පහළ බාළිකා තුන්කොන් ක්‍රිකට් තරගාවලියකට සහභාගිවීම සඳහා ඔස්ට්‍රේලියාවට යෑමට නියමිත ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ බාළිකා කණ්ඩායමේ නායිකාව ලෙස මොරටුව වේල්සු කුමරි විදුහලේ තුන් ඉරියව් ක්‍රීඩිකාවක වන මනුදි නානායක්කාරව නම් කිරීමට තේරීම් වලදී තීරණය වී තිබේ.

    16 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ප්‍රකාශයට පත් කර තිබෙන අතර එහි මනුදිගේ සහායිකාව ලෙසින් මාතර අනුර විදුහලේ රශ්මිකා සෙව්වන්දිව පත් කර තිබේ.

    මෙම තරගාවලියේදී ශ්‍රී ලංකාවට අමතරව සත්කාරක ඔස්ට්‍රේලියාව සහ නවසීලන්ත කණ්ඩායම් තරග වදින සෙසු කණ්ඩායම් වෙති. තරගාවලියේ පළමු තරගය මේ සැප්තැම්බර් මස 20 වැනිදා ආරම්භ වනු ඇත. තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම විස්සයි-20 තරග 2 කදී සහ එක්දින තරග 2 කදී තරග වැදීමට නියමිතව තිබේ.

    නම් කරන ලද කණඩායමට මිතලි අයෝද්‍යා නම් කර තිබුණද ඇය හදිසි ආබාධ තත්ත්වයකට මුහුණ දී සිටීම නිසා ඒ වෙනුවට වාද්දුව මැදි මහ විදුහලේ එරන්දි හංසමාලිව එක් කිරීමට පියවර ගෙන තිබේ.

     
     
     
     
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya