සැප්තැම්බර් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වසර 5කට පසු නවසීලන්ත ටෙස්ට් පිල ශ්‍රී ලංකාවට

    සැප්තැම්බර් 15, 2024

    ටෙස්ට් තරග 2 කට සහභාගිවීම සඳහා නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම ඊයේ (14 දා) පස්වරුවේදීි ශ්‍රී ලංකාවට පැමිණියේය. දෙරට අතර ටෙස්ට් තරගාවලිය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත.

    ටිම් සවුතිගේ නායකත්වයෙන් යුතු නවසීලන්ත කණ්ඩායමට ක්‍රීඩකයින් 15 දෙනෙක් ඇතුළත්ව සිටිති. ඒ අතර හිටපු නායක පළපුරුදු පිතිකරු කේන් විලියම්සන්ද පසුවන්නේය. මෙම තරගාවලියේදී නවසීලන්ත පිලේ දඟ පන්දු පුහුණුකරුවා වශයෙන් හිටපු දඟ පන්දු යවන ක්‍රීඩක රංගන හේරත් කටයුතු කිරීමට නියමිත අතර ඔහුද නවසීලන්ත පිල සමඟින් අද ශ්‍රී ලංකාවට පැමිණියේය.

    ටෙස්ට් ලෝක ශූරතා තරගාවලියට අයත් මෙම ටෙස්ට් තරගාවලියේ පළමු තරගය සැප්තැම්බර් 18 වැනිදා ආරම්භ වන අතර මේ මස 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණ ඡන්ද විමසුම හේතුවෙන් එදින තරගයට නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ. ඒ අනුව පළමු ටෙස්ට් තරගය සදහා වන ටෙස්ට් තරගයට දින 6 ක් වෙන්වි ඇත.

    දෙවැනි ටෙස්ට් තරගය මේ මස 26 වැනිදා සිට 30 වැනිදා දක්වා ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදීම පැවැත්වේ. නවසීලන්ත කණ්ඩායමක් අවසන් වරට ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ 2019 වසරේදී වන අතර එහිදී ගාල්ල සහ කොළඹ පී. සරා ඕවල් යන ක්‍රීඩාංගණවල තරග පැවැත්විණ.එම තරගාවලිය 1-1 ක් ලෙස ජය පැරදුමෙන් තොරව අවසන් විය.

    දෙරට අතර ටෙස්ට ්තරග 39 ක ඉතිහාසයේදී අවස්ථා 18 කදී ජය වාර්තා කිරීමට සංචාරක පිල සමත්වද්දී ශ්‍රී ලංකාව ජය ගෙන ඇත්තේ තරග 9 ක් පමණි. ටෙස්ට් තරග 11 ක් ජය පැරදුමෙන් තොරව අවසන්ව තිිබේ.

    නවසීලන්ත කණ්ඩායම මෙම තරගාවලියට පිවිසෙන්නේ ඇෆ්ගනිස්තානයට එරෙහිව ඉන්දියාවේදීි ටෙස්ට් තරගයකට සහභාගිවීමට ඉන්දියාවට ගියද වර්ෂාව හේතුවෙන් එම තරගය එකම පන්දුවක් හෝ යැවීමට අවස්ථාව උදානොවිණ.

    මේ අතර ශ්‍රී ලංකාව සහ නවසීලන්ත කණ්ඩායම් අතර ගාල්ල අන්තර්ජාතික ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ටෙස්ට් තරග 2 ම නොමිලේ නැරැඹීමට ක්‍රීඩා ලෝලීන්ට අවස්ථාව ලබා දීමට ශ්‍රී ලංකා කආයතනය පියවර ගෙන තිබේ

    සැප්තැම්බර් මස 18 වැනිදා ආරම්භ වන පළමු ටෙස්ට් තරගයේ සිට දෙසැම්බර් මස 30 වැනිදායින් නිමාවට පත්වන දෙවැනි ටෙස්ට් තරගය නැරඹීමට ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සිව්වන දොරටුව හරහා ක්‍රීඩාංගණයට පිවිසෙන මෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රිකට් ලෝලීන්ට වැඩි දුරටත් දැනුම් දී සිටියි.

     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya