2024 සැප්තැම්බර් 21 පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා තැපැල් ඡන්දය සළකුණු කිරීම සඳහා ලබා දී ඇති අවසන් දිනය (12) අද වේ.
පසුගිය 04 වන දා තැපැල් ඡන්ද සළකුණු කිරීම ආරම්භ වූ අතර සැප්තැම්බර් 05 සහ 06 යන දිනවල දී ද ඡන්දය සළකුණු කිරීමට නොහැකි වූ රාජ්ය සේවකයින්ට අද දිනයේ ද තැපැල් ඡන්දය ලබාදීමට අවස්ථාව හිමි වේ.