නොවැම්බර් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සමානුපාතික ඡන්ද ක්‍රමයේ දී මුදලේ කාර්යභාරය - මැතිවරණ කොමසාරිස් ජනරාල්

    අගෝස්තු 23, 2024

    වර්ෂ 1946 සිට මැතිවරණ වියදම් නියාමනය කිරීමේ නීතිය ක්‍රියාත්මක වූ බවත් රාජ ආඥාවේ 70වැනි වගන්තිය අනුව සෑම අපේක්ෂකයෙක්ම මැතිවරණය සඳහා‌ වියදම් කරනු ලබන වියදම සහ ආදායම් ලද ආකාරය දක්වන ආදායම් වියදම් ප්‍රකාශයක් මැතිවරණය අවසන්ව දින 31ක් ඇතුළත මැතිවරණ බලධාරීන් වෙත බාරදිය යුතු බවත් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි.

    අද (23) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත  සහ මැතිවරණ ප්‍රචාරක වියදම් පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාවට එක් වෙමින් ඒ මහතා මේ බව පැවසීය.

    එසේම අදාළ තොරතුරු භාර නොදීම සහ ව්‍යාජ තොරතුරු භාර දීම ඇතැම් තොරතුරු ඇතුළත් නොකිරීම වැනි දේවල් සම්බන්ධව අධිකරණ ක්‍රියාමාර්ගයෙන් අපේක්ෂකයාගේ ධූරය මෙන්ම ප්‍රජා අයිතියද  අහෝසි කළ හැකි බව හෙතෙම සඳහන් කළේය.

    1947 සිට 1977 වර්ෂය දක්වා මෙම නීතිය  පැවැති අතර සරළ බහුතර ඡන්ද ක්‍රමය පැවැති මෙම කාලසීමාව තුළ අපේක්ෂකයා නාම යෝජනා පත්‍රය භාර දීමේ සිට සෘජුව මැතිවණ බලධාරීන් සමග සම්බන්ධ වී කටයුතු කළ බවත් අපේක්ෂකයා සිය ජයග්‍රහණය වෙනුවෙන් සියලු වියදම් සිදු කළ බවත්  පෙන්වා දුන්නේය.

    1978 වර්ෂයේ දෙවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සමග එතෙක් පැවැති මැතිවරණ ක්‍රමය වෙනස් වී සමානුපාතික  නියෝජන ක්‍රමය  යටතේ මැතිවරණ පැවැත්වීම ආරම්භ කිරීමෙන් අනතුරුව නාමයෝජනා භාරදීම සඳහා පක්ෂයේ ලේකම්වරයා හෝ ස්වාධීන කණ්ඩායමක නායකයා පැමිණෙන බවත් මෙම ක්‍රමයේදී අපේක්ෂකයා සහ මැතිවරණ බලධාරීන් සෘජු සම්බන්ධතාවක් නොමැති බව සඳහන් කළේය.

    වර්ෂ 1976  එල්. එම්.ඩී සිල්වා සීමා නිර්ණය කොමිෂන් සභාව අනුව  ශ්‍රී ලංකාව ඡන්ද ප්‍රදේශ 160ක් බෙදා ඇති අතර 1978 වර්ෂයේදී මැතිවරණ කොට්ඨාස 22කට ලංකාව බෙදා ඇති බව පෙන්වා දෙන ඒ මහතා සමානුපාත ඡන්ද ක්‍රමය පැවැත්වෙන මැතිවරණවලදී කණ්ඩායමක් ලෙස තරග කරන අතර මැතිවරණ කොට්ඨිස තුළ ඒ ඒ දේශපාලන පක්ෂ ලබා ගන්නා ඡන්ද සංඛ්‍යාව මත සභිකයන් තීරණය වන බව පැහැදිළි කළේය.මෙම නියේජන අවස්ථා තීරණය වීමෙන් අනතුරුව මනාප ක්‍රමය හඳුන්වා දුන් බවත් එතෙක් පැවැති දේශපාලන සංස්කෘතිය සම්පූර්ණයෙන් වෙනසට ලක් වු අතර මුදල මත මෙම කාරණා සියල්ල තීරණය වීම ආරම්භ වූ බවත් හෙතෙම වැඩිදුරටත් පෙන්වා දුන්නේය.එසේම පුරවැසියන්ද තමාට ලැබෙන දේවල් සම්බන්ධයෙන් සළකා ඡන්දය භාවිත කිරීමට මෙම මැතිවරණ ක්‍රමට තුළ පුරුදු වී සිටින බව පවසන ඒ මහතා මැතිවරණ අවස්ථාවකදී දේශපාලඥයා යම් යම් දේ ලබා දීමෙන් ඡන්දය ලබා ගැනීමට උත්සහ දරන අතර තමන්ට ලැබෙන දේවල් මත ඡන්දදායකයා ඡන්දය ලබා දීමට පෙළඹී ඇති බැවින් මුදල ඡන්දය සම්බන්ධව තීරණාත්මක සාධකයක් වී ඇති බව සඳහන් කළේය.ඒ හේතුවෙන් මුදල් වැඩිපුර සංසරණය වීම ආරම්භ වී ඇති අතර යම් මුදලක් ලබා දී ඡන්දය ලබා ගැනීමෙන් අනතුරුව ඡන්දදායකයා සහ දේශපාලඥයා අතර පැවති සමාජ ගිවිසුම අහෝසි වන බවද හෙතෙම පෙන්වා දුන්නේය. කේවල මැතිවරණ ක්‍රමයේදී මෙම දෙපාර්ශ්වය අතර පැවැති සමාජ සම්බන්ධතාවය මෙම කාලයේදී නොමැති බව පෙන්වා දෙන රත්නායක මහතා වර්තමානයේ මුදල් මගින්  සියල්ල පාලනය කළ හැකි තත්වයක් උද්ගතව ඇති බව ද පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya