සැප්තැම්බර් 13, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දැනට රට තුළ ක්‍රියාත්මක වැඩසටහන් ආණ්ඩුව විසින් ජනතාව වෙත ඉදිරිපත් කරනවා - මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය

    අගෝස්තු 23, 2024

    ආණ්ඩුව ජනතාව වෙත ඉදිරිපත් කරනු ලබන්නේ ක්‍රියාත්මක කළ නොහැකි මැතිවරණ පොරොන්දු නොව දැනට රට තුළ ක්‍රියාත්මකව පවතින වැඩසටහන් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. 

    ඒ අනුව ජනතාවගේ අය කෙරෙන බදු මුදල් අවභාවිත වීම පිළිබඳව ජනතාව කිසිදු බියක් ඇති කර ගත යුතු නැති බව අමාත්‍යවරයා සඳහන් කළේය. 

    ආණ්ඩුව සෑම විටම රාජ්‍ය ආදායම ඉහළ නැංවා ගැනීමට කටයුතු කරන අතර ඉන් ලැබෙන බදු ආදායම යළිත් ජනතා සේවයටම යොදවන බවත්, ජනතාව වෙත ලැබී ඇති සහන අනුව තහවුරු වන බවත් අමාත්‍යවරයා සඳහන් කරයි. 

    රාජ්‍ය සේවක වැටුප් ඉහළ නැංවීම පමණක් නොව ඉදිරියේ දී ක්‍රියාත්මක කිරීමට නියමිත ධීවර, ගොවි ජනතාව වෙත සහන සැලසීමේ වැඩසටහන් ද ප්‍රායෝගිකව රට තුළ ක්‍රියාත්මක වන ඒවා බව හෙතෙම අවධාරණය කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya