සැප්තැම්බර් 13, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2025 ජනවාරි සිට රාජ්‍ය සේවකයි‍න්ගේ මූලික වැටුප 24% සිට 50%ට වැඩි ප්‍රමාණයකින් වැඩි කෙ‍රේ

    අගෝස්තු 22, 2024

    රාජ්‍ය‍ සේවයේ මූලික වැටුප, පහළම ශ්‍රේණි සඳහා අවමය 24%කින් හා ඊට අනුරූපීව සියළුම රාජ්‍ය සේවා වෘත්තිකයින් සඳහා 24% සිට 50% ට වැඩි අගයක් දක්වා වූ මූලික වැටුප 2025 වසරේ ජනවාරි මාසයේ සිට ඉහළ දැමීමට කටයුතු කරන බව වැටුප් විෂමතා සම්බන්ධ ජනාධිපති විශේෂඥ කමිටුවේ සභාපති උදය ආර්. සෙනෙවිරත්න මහතා පවසයි.

    පවතින ආර්ථික හා සමාජ යථාර්ථය තුළ රාජ්ය සේවකයින් හට ඔවුන්ගේ අධ්යාපනික සුදුසුකම්, පළපුරුද්ද, දරනු ලබන වගකීම හා ඉටු කරනු ලබන කාර්යභාරය වැනි සාධක පාදක කොට ගනිමින් වර්තමානයේ පවතින මූලික වැටුප, පහළම ශ්රේණි සඳහා අවමය 24%කින් හා ඊට අනුරූපීව සියළුම රාජ්ය සේවා වෘත්තිකයින් සඳහා 24% සිට 50% ට වැඩි අගයක් දක්වා වූ මූලික වැටුප 2025 වසරේ ජනවාරි මාසයේ සිට ඉහළ දැමීමට කටයුතු කරන බව වැටුප් විෂමතා සම්බන්ධ ජනාධිපති විශේෂඥ කමිටුවේ සභාපති උදය .ආර්. සෙනෙවිරත්න මහතා පවසයි

    වැටුප් විෂමතා සම්බන්ධ ජනාධිපති විශේෂඥ කමිටුවේ සභාපති උදය ආර්. සෙනෙවිරත්න මහතා මෙම අදහස් පළ කළේ, ’ස්ථාවර රටකට – සැවොම එක මඟකට’ මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේදී අද (22) පැවැති මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමිනි.

    කුමන ආණ්ඩුවක් බලයට පත් වුවත් රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කිරීමේ අවශ්‍යතාවයක් පවතින බවත් පසුගිය කාලවලදි සිදු කළ රාජ්‍ය සේවා වෘත්තීය ක්‍රියාමාර්ග සලකා බලා වැටුප් විෂමතා නැති කිරීමට මෙම යෝජනා ඉදිරිපත් කළ බවත් උදය ආර්.සෙනෙවිරත්න මහතා පෙන්වා දුන්නේය.

    ශ්‍රී ලංකාවේ සංවර්ධනය උදෙසා රාජ්‍ය සේවය ඉමහත් කාර්යභාරයක් ඉටු කරනු ලබන අතර එය සංවර්ධනයේ ගාමක බලවේගය ද වේ. වර්තමානයේ රාජ්‍ය සේවයේ පවතින සියළුම අභියෝග ජය ගැනීම සඳහා සිදුකළ යුතු ප්‍රතිනිර්මාණකරණයන් සඳහා ප්‍රමුඛත්වයක් ලබා දෙනු ලබන අතර, රාජ්‍ය සේවකයින් සඳහා තෘප්තිමත් රැකියා පරිසරයක් ද, ජනතාවට විශිෂ්ඨ සේවයක් ද, ආර්ථික සංවර්ධනය සඳහා ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කරනු ලබන ගාමක බලවේගය බවට පත් කිරීම සඳහා පුළුල් වූ වැඩසටහනක් ද වැටුප් විෂමතා සම්බන්ධ ජනාධිපති විශේෂ කමිටුව ඉදිරිපත් කර ඇත.

    විශ්‍රාමිකයින් සඳහා ද, 2025 ජනවාරි මස සිට ජීවන වියදම් දීමනාව රුපියල් 12,500.00 බැගින් ලබා දීමටත්, 2020 වසරට පෙර විශ්‍රාම ගත් රාජ්‍ය සේවකයින්ගේ මෙතෙක් නොගෙවන ලද වැටුප් වර්ධකය ලබා දී ඔවුන්ගේ විශ්‍රාම වැටුප ඒ අනුව සංශෝධනය කිරීමට ද ක්‍රියා කරනු ඇත.

    එමෙන්ම පවතින රාජ්‍ය මූල්‍ය විභවතාවය මත අදියරගතව සුදුසු පරිදි ප්‍රතිලාභ සලසා දීමට 2025 අයවැය මඟින් ක්‍රියාකරනු ලැබේ.

    රාජ්‍ය සේවයේ ඵලදායීතාවය හා කාර්යක්ෂමතාවය වර්ධනය කර ගනිමින් ජනතාවට විශිෂ්ඨ මහජන සේවාවක් ලබා දීමේ අරමුණින් 2025 වසරේ දී රාජ්‍ය සේවය තුළ විද්‍යාත්මක වැඩ අධ්‍යයනයක් (Work Study) සිදු කොට නිසි ප්‍රමාණයට රාජ්‍ය සේවය යළි සකස් කර ගැනීමේ විද්‍යාත්මක වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ඇත. එමඟින් අවශ්‍යතාවය පරිදි රාජ්‍ය සේවයේ සේවක සංඛ්‍යාව පිළිබඳව නිසි තක්සේරුවක් සිදු කරනු ලැබේ.

    රාජ්‍ය සේවකයින් සඳහා නිසි කාර්ය සාධන දර්ශක (KPI) හඳුන්වා දී එම කාර්ය සාධනය ඉටු කිරීමේ ප්‍රගතිය මත වාර්ෂික වැටුප් වර්ධක ලබා දීමේ ක්‍රමය හඳුන්වා දෙනු ඇත. එසේම ඔවුන්ගේ කාර්ය සාධනය මත දිරිගැන්වීම් හා මූල්‍ය නොවන අනෙකුත් වරප්‍රසාද ලබා දීමේ ක්‍රමවේද ද හඳුන්වා දෙනු ලැබේ. වර්තමානයේ හඳුන්වා දී ඇති රාජ්‍ය බදු ප්‍රතිපත්තිය තුළම බදු ගෙවන්නන්ට විශිෂ්ඨ රාජ්‍ය සේවයක් හිමිකර දෙන ගුණාත්මක රාජ්‍ය සේවයක් සඳහා ප්‍රශස්ථ පරිමාණයෙන් යුතු රාජ්‍ය යාන්ත්‍රණයක් සකස් කර ගැනීමට ශ්‍රී ලංකා යෝග්‍යතා මාර්ගෝපදේශය (SLQF) හා ජාතික වෘත්තීය නිපුණතා (NVQ) පාදක කර ගනිමින් තරඟකාරී බඳවා ගැනීමේ ක්‍රමවේදයක් මඟින් රාජ්‍ය සේවය සඳහා සේවකයින් බඳවා ගනු ලබන ක්‍රමය ස්ථාපිත කරනු ඇත. එමඟින් සුදුස්සාට සුදුසු තැන හිමිකර දෙන යුගයක් බිහිවනු ඇත.

    විශේෂයෙන් 2025 වසරේ සිට ඉදිරි තෙවසර තුළ ඩිජිටල්කරණය (Digitalization) හා ස්වයංක්‍රීයකරණය (Automation) සඳහා ප්‍රමුඛත්වය ලබා දෙමින් හැකි සෑම අංශයකම රාජ්‍ය සේවාව තුළට තාක්ෂණය හඳුන්වා දෙමින් ඊ – රාජ්‍ය සේවාකරණය (E-Governance) සඳහා රජයේ ප්‍රාග්ධන ආයෝජන වැඩසටහනට ප්‍රමුඛත්වය ලබා දෙනු ඇත.
    විශේෂයෙන්ම, රාජ්‍ය ආදායම් උත්පාදන ආයතන හා මහජන සේවාවන් සලසන ආයතනවල කාර්ය සාධනය සඳහා මූලිකත්වය ලබා දෙමින් ග්‍රාම නිලධාරී කාර්යාලයේ සිට රජයේ අමාත්‍යාංශ හා සියළුම රාජ්‍ය ආයතන සඳහා ඊ-රාජ්‍ය සේවාකරණය ක්‍රියාත්මක කිරීම තුළින් විශිෂ්ඨ රාජ්‍ය සේවාවක් ඉටු කිරීමට ප්‍රමුඛත්වය ලබා දෙනු ඇත.
    වසර ගණනාවක් රාජ්‍ය භාණ්ඩාගාරයෙන් යැපෙන, එමෙන්ම, සාම්ප්‍රදායික දෙපාර්තමේන්තු ආකෘතියෙන් මිදුණු නව්‍යකරණය වූ ව්‍යවසායකත්ව ආකෘතියක් වෙත පරිවර්තනය කිරීමෙන්, සැමට ප්‍රතිලාභ හිමි ආයතන බවට, හඳුනාගත් රාජ්‍ය ආයතන පත් කිරීමටද ඉදිරි තෙවසර තුළ ක්‍රියා කරනු ලැබේ.

    එම ආයතනවල කොටස් හිමිකාරිත්වය 30%ක් රජය සතුව ද, 30%ක් ආයෝජකයින් සතුව ද, 30%ක් කොටස් වෙළඳපොලේ ලැයිස්තුගත කිරීමෙන් පොදු ජනතාවට ද, 10%ක් ආයතනයේ සේවකයින් හට ද හිමිවන වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී පාලන ව්‍යුහයක් සහිත කොටස් වෙළඳපොලේ ලැයිස්තුගත කළ මහජන සමාගම් (Public Quoted Company) බවට පත්කළ ආයතන සමූහයක් ද නිර්මාණය කරනු ලැබේ.

    එම ආයතනවල සේවයට අනුයුක්තවන, විශ්‍රාම වැටුප් හිමිකම් ඇති රාජ්‍ය නිලධාරීන් හට ඔවුන් දැනට ලබන විශ්‍රාම වැටුප විලම්භනය කර ඔවුන්ගේ වයස වසර 60 සම්පූර්ණ වූ පසු විශ්‍රාම වැටුපට හිමිකම් ලබන අතර එම ආයතන තුළ සේවය කරනු ලබන කාලය තුළ ඔවුනට අනෙකුත් වරප්‍රසාදවලට හිමිකම් ලැබෙනු ඇත.

     

     

     

     

     

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya