සැප්තැම්බර් 13, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ක්‍රියාත්මක තත්ත්ව කළමනාකරණ වැඩපිළිවෙළ ලොව දියුණු වන රටවල්වල ආදර්ශයට

    අගෝස්තු 22, 2024

    අප්‍රිකා මහද්වීපයේ ගානා රාජ්‍යයේ නොගුජි වෛද්‍ය පර්යේෂණ ආයතනයේ තත්ත්ව කළමනාකරණ මණ්ඩලයේ නිලධාරි පිරිසක් සෞඛ්‍ය ලේකම් හමු වෙයි

    සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් මෙරට රෝහල් තුළ ක්‍රියාත්මක කරනු ලබන තත්ත්ව කළමනාකරණ වැඩපිළිවෙල නිරික්ෂණය, අධීක්ෂණය, තොරතුරු ලබාගැනීම සහ පුහුණුව ලබාගැනීම සදහා ගානා හි නොගුජි Noguchi වෛද්‍ය පර්යේෂණ ආයතනයේ තත්ත්ව කළමනාකරණ මණ්ඩලයේ නිලධාරි පිරිසක් පසුගියදා මෙරටට පැමිණි අතර, එම නිලධාරි පිරිස අද පෙරවරුවේ (22) සෞඛ්‍ය අමාත්‍යාංශයේදි සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා හමු හමුවිය.

    එහිදී එම නියෝජිත පිරිස මෙරට සෞඛ්‍ය සේවාව තුළ ක්‍රියාත්මක ඉහත වැඩපිළිවෙල ඇගයීමට ලක් කළ අතර, ලොව දියුණුවෙමින් පවතින රටවලට එම වැඩපිළිවෙලෙහි ඇති වැදගත්කම ද පෙන්වා දුන්නේය.

    දස දෙනෙකුගෙන් යුත් එම නියෝජිත පිරිස දින 10 ක් මෙරට රැඳී සිටිමින් මෙරට රෝහල්තුළ ක්‍රියාත්මක තත්ත්ව කළමනාකරණ වැඩපිළිවෙළ පිළිබඳව දැනුම සහ පුහුණුව ලබාගැනිමට නියමිතය. ඒ අනුව ඊට අදාළ ඉදිරි සැළසුම් ලංකාවේ දි පිළියෙල කෙරෙනු ඇත.
    කාසල්වීදිය කාන්තා රෝහලේ තත්ත්ව කළමනාකරණ අධ්‍යක්ෂ කාර්යාලය එම නියෝජිත පිරිස නිරීක්ෂණය කළ අතර, ලංකා රෝහල සහ රසායනාගාරය නිරීක්ෂණයෙන් පසු පුහුණු වැඩසටහනකට ද සහභාගිව ඇත. වෛද්‍ය පර්යේෂණායතනයේ විශේෂඥ වෛද්‍යවරු සමග දැනුම හුවමාරු කර ගැනීමට නියමිත අතර, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දන්ත වෛද්‍ය විද්‍යාලය ද නිරීක්ෂණය කිරිමට නියමිතය.
    සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් 2000 වසරේ මෙරට රෝහල් තුළ ක්‍රියාත්මක කරනු ලැබූ මෙම තත්ත්ව කළමනාකරණ වැඩපිළිවෙළ JICA ව්‍යාපෘතිය විසින් ලොව දියුණු වෙමින් පවතින රටවල් සඳහා ප්‍රවර්ධනය කරනු ලබයි. කාසල්විදිය කාන්තා රෝහලෙන් මෙම ව්‍යාපෘතිය ආරම්භ කර ඇති අතර, මෙරට රෝහල් පද්ධතිය තුළ මේ වන විට ඉතා සාර්ථකව මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක වේ.
    සෞඛ්‍ය අමාත්‍යාංශයේ JICA ව්‍යාපෘතියේ හිටපු සෞඛ්‍ය කළමනාකරණය පිළිබඳ ඡ්‍යෙෂ්ඨ උපදේශක වෛද්‍ය යුජිරෝ හන්ඩා මහතා ජාත්‍යන්තර JICA ව්‍යාපෘතියට අදාලව මෙහි සම්බන්ධීකරණ කටයුතු සිදු කරනු ලබයි.
    මෙරට සම්බන්ධීකරණ කටයුතු කාසල්වීදිය කාන්තා රෝහලේ සහ ලංකා රෝහලේ හිටපු වෛද්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය විමල් කරඳගොඩ මහතා විසින් සිදු කරනු ලබයි.
    මෙරට සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් හඳුන්වා දුන් මෙම තත්ත්ව කළමනාකරණ වැඩපිළිවෙළ අප්‍රිකානු රටවල් 20ක පමණ දැනට ක්‍රියාවට නංවා ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya