ජූලි 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අධික හිරු රශ්මිය නිසා ශරීරයට සිදු වන බලපෑම වැඩියි - වැඩිපුර ජලය පානය කරන්න - විශේෂඥ වෛද්‍ය ආනන්ද ජයලාල්.

    පෙබරවාරි 29, 2024

    මෙම දිනවල පවත්නා වැසි රහිත කාලගුණය සහ අධික හිරු රශ්මිය හේතුවෙන් සෞඛ්‍යයට බලපෑමක් ඇතිවිය හැකි තරමට පාරිසරික උෂ්ණත්වය වැඩිවී ඇතැයිද, මේ හේතුවෙන් වැඩි වශයෙන් ජලය පානය කළ යුතු යැයිද සෞඛ්‍ය අමාත්‍යංශයේ පාරිසරික හා වෘත්තීය සෞඛ්‍ය හා ආහාර ආරක්ෂණ පිළිබද නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය ආනන්ද ජයලාල් මහතා පවසයි.

    විශේෂඥ වෛද්‍ය ආනන්ද ජයලාල් මහතා මේ බව සදහන් කළේ ඊයේ (28) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේදී අධික උෂ්ණත්වය සහ නරක අතට හැරෙන වාතයේ සංයුතිය පිළිබදව පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවේදී අදහස් දක්වමිනි.

    විශේෂයෙන්ම දිවා කාලයේදී පරිසරයට නිරාවරණය වීමත්, සෙවණ නැති විවෘත ස්ථාන වල ශාරීරික ක්‍රියාකාරකම් වල යෙදීමත් අපහසුතාවයන් හටගත හැකි සහ සෞඛ්‍යයට බලපෑම් ඇතිවිය හැකි තත්ත්වයක් බව විශේෂඥ වෛද්‍ය ආනන්ද ජයලාල් මහතා අවධාරණය කළේය.

    මැරතන් ධාවනය සහ යුධ හමුදා පුහුණුවීම් වැනි අධික වෙහෙසකර ක්‍රියාවන් මෙම දිනවල නුසුදුසු බවද, විශේෂයෙන්ම පාසල් ළමුන් හිරු රශ්මිය ඇති විට හිරු රශ්මියට නිරාවරණය වන ක්‍රීඩා උත්සව ආදිය සංවිධානය කිරීමෙන් වැළකී මෙම කාලසීමාව පසුකිරීම සුදුසු බවද පැවසුවේය.

    මෙම තාපයට නිරාවරණය වූ විට අපගේ ශරීරයේ බොහෝ ප්‍රමාණයක් ජලය සහ ලවණ ඉවත් වන බවද පැවසූ ශේෂඥ වෛද්‍ය ආනන්ද ජයලාල් මහතා ඒ සදහා වැඩිපුර ජලය පානය කිරීමත්, තැඹිලි, කුරුම්බා ආදිය පානය කිරීමත්, ජීවනී පානය කිරීමත් වැදගත් වන බවද සදහන් කළේය.

    ළමයින් එළිමහනේ යන විට අමතර වතුර බෝතලයක් ළග තබාගැනීම වැදගත් බවද, මුත්‍රා වල වර්ණයෙන් සහ ප්‍රමාණවත් පරිදි මුත්‍රා පහවන්නේද යන්න සලකා බැලීමෙන් ජලය පානය කිරීම ප්‍රමාණවත් දැයි මැනගත හැකි බවද පැවසුවේය.

    ම්‍රත්‍රා වල වර්ණය තද පැහැති නම් සහ මුත්‍රා කරන වාර ගණන අඩු නම් ජලය පානය කර මදි බවද, ප්‍රමාණවත් පරිදි විජලනයෙන් වැළකීමට ජලය පානය කිරීම  ඉතාම වැදගත් බවද විශේෂඥ වෛද්‍යවරයා පෙන්වා දුන්නේය.

    බොහෝ විට මුත්‍රා ආසාදන, වකුගඩු ආසාදන වැඩි වශයෙන් මෙම කාලයේ වාර්තා වන්නේ වතුර අඩුවෙන් පානය කිරීම සහ අධික උෂ්ණත්වය නිසා ජලය වාෂ්ප වී යාම නිසා බවද පෙන්වාදුන් විශේෂඥ වෛද්‍ය ආනන්ද ජයලාල් මහතා කැඩාම දරුවන්ට මින් ඇතිවිය හැකි බලපෑම වශයෙන් දහඩිය බිබිලි කුෂ්ටයක් ලෙස හටගත හැකි බවද පැවසුවේය.

    එමනිසා දරුවන්ව දිනකට කිහිප වතාවක් ජලයෙන් සෝදන ලෙසද, තෙත රෙදි කැබැල්ලකින් ශරීරය පිසදැමීම සුදුසු බවද පැවසුවේය. හෘද රෝග ශ්වසන රෝග ඇති අයගේ රෝග තත්ත්වයන් වලටද අධික උෂ්ණත්වය නිසා බලපෑම් ඇතිවන බව පැවසූ විශේෂඥ වෛද්‍ය ආනන්ද ජයලාල් මහතා ඔවුන් සම්බන්ධයෙන්ද දැඩි විමසිල්ලෙන් පසුවන ලෙස ඉල්ලා සිටියේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya