ජූලි 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති බටහිර ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලයේ නිරීක්ෂණ චාරිකාවක

    පෙබරවාරි 10, 2024

    7 වැනි ඉන්දීය සාගර සමුළුවට සහභාගිවීමට ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවරට ගොස් සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (10) බටහිර ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

    කොන්සල් කාර්යාලය වෙත පැමිණි ජනාධිපතිවරයා කොන්සල් ජනරාල් ආචාර්ය රොෂ් ජලග්ගේ මහතා සහ ප්‍රියංකා ගමගේ මහත්මිය විසින් ගෞරවයෙන් පිළිගනු ලැබීය.

    අනතුරුව ජනාධිපතිවරයා කොන්සල් ජනරාල් ඇතුළු එහි කාර්ය මණ්ඩලය සමඟ සුහද කථා බහකට එක් වූ අතර ශ්‍රී ලංකාවේ ආර්ථිකය යළි ගොඩනැඟීමේ ක්‍රියාවලියේ දී ඔවුන්ට ලබාදිය හැකි සක්‍රිය දායකත්වය පිළිබඳව ද එහිදී පුළුල් අවධානයක් යොමු කෙරිණි.

    කොන්සල් ජනරාල් ආචාර්ය රොෂ් ජලග්ගේ මහතා විසින් මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත විශේෂ සිහිවටන තිළිණයක් ද පිළිගැන්වීය.

    අනතුරුව ජනාධිපතිවරයා කොන්සල් ජනරාල් ඇතුළු කාර්ය මණ්ඩලය සමඟ සමූහ ඡායාරූපයකට ද එක් විය.

    ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya