ජූලි 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රජයේ තක්සේරු මුදලට වඩා අඩුවෙන් විසුම්පාය ආයෝජකයන්ට දෙන්නේ නෑ. - ඇමති ප්‍රසන්න රණතුංග

    පෙබරවාරි 09, 2024

    රජයේ තක්සේරු මුදලට වඩා අඩුවෙන් විසුම්පාය ගොඩනැගිල්ල කිසිවිටෙකත් ආයෝජකයන්ට ලබා නොදෙන බව ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි. ඔහු පෙන්වා දෙන්නේ රජයේ තක්සේරු දෙපාර්තමේන්තුවේ තක්සේරුවට අඩුවෙන් විසුම්පාය ආයෝජකයෙකුට ලබා නොදීමට නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩල තීරණයක් ද තිබෙන බවයි.

    රුපියල් බිලියන 8 වටිනා විසුම්පාය රජයේ තක්සේරුව නොතකා රුපියල් බිලියන 4ට ආයෝජකයෙකුට ලබා දීමට සූදානම් වන බවද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (09) පාර්ලිමේන්තුවේ කළ චෝදනාවකට පිළිතුරු දෙමින් ඇමතිවරයා මේ බව සදහන් කළේය.

    මෙහිදී අදහස් දැක් වූ අමාත්‍යවරයා  වැඩිදුරටත් පැවසුවේ,

    අපි වගකීමෙන් කියනවා රජයේ තක්ෂේරු මුදලට අඩුවෙන් කිසිම අවස්ථාවක විසුම්පාය අපි කාටවත් දෙන්න ලෑස්ති නෑ. එහෙම දෙන්න හැකියාවකුත් අපිට නැහැ. ආයෝජකයෙක් ඇවිල්ලා චාර්ටඩ් වැලුයුවර් කෙනෙක් හරහා එයාගේ පොපර්ෂල් එකත් එක්ක ඉල්ලීමක් ඉදිරිපත් වෙලා තිබුණා. ඒ ඉදිරිපත් කරනකොට චාටර් වැලුවර් දීපු ගානයි අපේ වැලුවේෂන් දෙපාර්තමේන්තුව දීපු ගානයි ඒ වගේ තුන් ගුණයක්. රජයේ වැලුයුවේෂන් එකේ ගණන වැඩියි. චාර්ටඩ් වැලුයුවර් දීපු ගණන අඩුයි. ඒ ආයෝජකයා ඉල්ලීමක් කරලා තිබුණා එයාට නැවත මේක අධ්‍යයනය කරන්න ඕන ඒක නිසා ඒ සදහා අවස්ථාව දෙන්න කියලා. විසුම්පාය අපිට සංවර්ධනය කරන්න බැහැ. ඒ හින්දා අපිත් රජයේ තක්සේරු දෙපාර්තමේන්තුවට දීල තියෙනවා මේ සම්බන්ධව සාකච්ඡා කරලා කටයුතු කරන්න කියලා. ඒ අනුව ආයෝජකයාට අපි තවත් මාස 6 ක් යල් දීලා තියෙනවා. අධ්‍යක්ෂ මණ්ඩලය තීන්දුවක් අරන් තියෙනවා රජයේ වැලුවේෂන් දෙපාර්තමේන්තුවේ වැලුවේෂන් එකට අඩුවෙන් ඒක කරන්නම බැහැ කියලා.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya