ග්‍රාමීය මට්ටමින් කුඩා ක්‍රීඩාංගන ඉදි කිරීම සහ සංවර්ධනය කිරීම සඳහා රුපියල් බිලියන 1.5ක් මෙවර අයවැයෙන් වෙන් කර ඇති බවත් සිදත් වෙත්තමුණි, අරවින්දද සිල්වා සහ ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ ප්‍රධානත්වයෙන් එම කටයුතු සිදු වන බවද අමාත්‍යවරයා කීය.
මෙහිදී අදහස් දැක් වූ ක්‍රීඩා අමාත්‍යවරයා පැවසුවේ, ක්‍රිකට් ක්‍රීඩාංගණයක් නිර්මාණය වන තැන ජාත්‍යන්තර ගුවන් තොටුපළක් නිර්මාණය වීම විශේෂ දෙයක්. මේ නිසා ස්පෝර්ට් ටුවරිසම් වලට විශේෂ තැනක් හිමි වෙනවා.2024 වර්ෂය වන විට සම්පූර්ණයෙන්ම එම ක්‍රීඩාංගණය නිර්මාණය වී අවසන් කිරීමට බලාපොරොත්තු වෙනවා'' යැයි පැවසීය