වැඩිදුරටත් අදහස් දැක් වූ ජනාධිපතිවරයා මෙසේ ද පැවසීය.
අද මම මෙම සභාව අමතන්නේ ලොකු සතුටකින්. දැන් අපි බංකොළොත් රාජ්‍යයක් කියන ලේබලය ගලවා ගැනීමේ තීරණාත්මක මොහොතට පැමිණ තිබෙනවා. මේ පිළිබඳ මට ඇත්තේ නිහතමානී සතුටක්. මීට වසරකට පෙර තිබුණේ බංකොළොත් රටක්. මම එදා කිව්වා ලංකා මාතාව සෙළවෙන වැල් පාලමෙන් එගොඩ කිරීමට හැකි වන බව. පාර්ලිමේන්තුවේ බොහෝ අය සහ ජනතාව මට සහාය දුන්නා. මා ගත් බොහෝ තීරණ රටේ ජනතාව අපහසුවෙන් වුවද විඳ ගත්තා. රට බංකොළොත් බාවයෙන් මුදා ගැනීමට දැන් අවස්ථාව ලැබී තිබෙනවා.
සම්පූර්ණ කතාව පසුව බලාපොරොත්තුවන්න......