අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අලි මිනිස් ගැටුම විසදීම සම්බන්ධයෙන් ජාතික සැළැස්මක් සකස් කළ යුතුයි- අමාත්‍ය පවිත්‍රාදේවී වන්නිආරච්චි

    දෙසැම්බර් 13, 2023

    අලි මිනිස් ගැටුම  විසදීම සම්බන්ධයෙන් ජාතික සැළැස්මක් සකස් කළ යුතු යැයි වන ජීවී සහ වන සංරක්ෂණ අමාත්‍ය පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මිය අද (13) පාර්ලිමේන්තුවේ දී පැවසුවාය.

    පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම පරිසර ස්වභාවික සම්පත් පිළිබඳ ආංශික අධීක්ෂණ සභාව පරිසරය, ස්වාභාවික සම්පත් හා තිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති අජිත් මාන්නප්පෙරුම මහතා විසින් අලි මිනිස් ගැටුම සම්බන්ධයෙන් සිදු කළ වාර්තාව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර එම අවස්ථාවේ අමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළාය.

    වාර්තාව ඉදිරිපත් කරමින් එම ආංශික අධීක්ෂණ සභාවේ සභාපති අජිත් මාන්නප්පෙරුම මහතා පැවසුවේ, මෙම වසරේ ඔක්තොම්බර් මාසය වන විට අලි මිනිස් ගැටුම හේතුවෙන් අලින් 637 සහ මිනිසුන් 148ක් ඝාතනය වී ඇති බවයි.

    බලංගොඩ ප්‍රදේශයේ අලි වැටක් ගැසීම සඳහා ගස් 8000ක් කැපීම සම්බන්ධයෙන්ද යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරිය පැවසුවේ, කපා ඉවත් කර ඇත්තේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ලකුණු කළ ගස් පමණක් බවයි.

    වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරිය මෙසේද පැවසුවාය,

    අලි වැට ගැසීමේදී ගස් කැපීමට සිදු වෙනවා. එම කැපෙන ගස් ගන්නේ දැව සංස්ථාවෙන්. වන සංරක්ෂණ සහ වනජීවී දෙපාර්තමේන්තුවෙන් ලකුණු කරන ගස් තමයි කපා ඉවත් කරන්නේ. මෙම අලි මිනිස් ගැටුම වසර ගණනාවක් තිස්සේ රත්නපුර දිස්ත්‍රික්කයේ තිබෙන ගැටලුවක්. එම ප්‍රදේශයේ ජනතාවගේ ඡන්දයෙන් ආපු මන්ත්‍රීවරියක් වශයෙන් එම ජනතාව මගෙන් සිදු කළ ඉල්ලීමකට අනුව තමයි මෙම අලි වැට ගැසීම සිදු කළේ. සමාජ මාධ්‍ය  මගින් මේ සම්බන්ධයෙන් මගේ නමත් කැත කරමින් විවිධ චෝදනා සිදු කරනවා. මගේ දේශපාලන ජීවිතයේ මේ 28වන අවුරුද්ද. කිසිම දවසක මට මෙලෙස දූෂණ චෝදනා එල්ල වී නැහැ.

    ආංශික අධීක්ෂණ සභාව විසින් ඉදිරිපත් කළ වාර්තාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයක් ලබා දෙන බවද ඇය සඳහන් කළාය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya