නොවැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    IMF දෙවැනි වාරිකයට අනුමැතිය හිමි වීම- ශ්‍රී ලාංකීය ආර්ථිකය සහනදායී කලාපයකට අවතීර්ණවීම සනිටුහන් කරයි- මුදල් රාජ්‍ය ඇමැති

    දෙසැම්බර් 13, 2023

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි වාරිකය ශ්‍රී ලංකාවට ලබා දීම සඳහා විධායක මණ්ඩල අනුමැතිය හිමි වීම මෙරට ආර්ථිකය දුෂ්කර පරිච්ඡේදයකින් අනතුරුව සහනදායී කලාපයකට අවතීර්ණවීම සනිටුහන් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා කියයි.

    මෙය ශ්‍රී ලංකාව යහපත් ආර්ථික ප්‍රතිසංස්කරණ හා ස්ථායීකරණ වැඩපිළිවෙළ සඳහා පෙන්නුම් කළ කැපවීමේ ප්‍රතිඵලයක් බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. දිගු කාලීන ආර්ථික තිරසරභාවය වෙනුවෙන් මූල්‍ය විනය සහ විනිවිදභාවය පවත්වාගෙන යාමට ඉදිරියටත් කටයුතු කිරීම රජයේ අපේක්ෂාව බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

     

    මුල්‍ය සහතික ලබා දීම සම්බන්ධයෙන් ඉන්දියාව, ජපානය, ප්‍රංශය හා පැරිස් සමාජය ප්‍රමුඛ නිල ණයහිමියන්ගේ කමිටුවට සහ චීනය දක්වු සහයෝගීතාවයට ස්තුතිය පළකරන අතර පෞද්ගලික ණය හිමියන් සමග ද එකගතාවයකට පැමිණිමට සත්භාවයෙන් කටයුතුකරමින් සිටින බව සේමසිංහ මහතා වැඩි දුරටත් සඳහන් කරයි.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya