මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    එළඹෙන මාර්තු මාසය වන විට සෑම රාජ්‍ය ආයතනයකම ගෙවීම් ඔන්ලයින් ක්‍රමයට

    දෙසැම්බර් 12, 2023

    එළඹෙන මාර්තු මාසය වන විට සෑම රාජ්‍ය ආයතනයකම ගෙවීම් ඔන්ලයින් ක්‍රමයට සිදු කිරීමට බලාපොරොත්තු වන බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා අද (12) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    තාක්ෂණ අමාත්‍යංශයේ වැය ශීර්ෂය පිළිබඳ අද පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.

    වැඩිදුරටත් අදහස් දැක් වූ රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, රාජ්‍ය ආයතන වල ඩිජිටල මූල්‍ය ක්‍රමය මේ වන විට ආයතන 14කින් ආරම්භ කර ඇති බවයි.

    සයිබර් සිකුරිටි පනත ලබන වසරේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් ඒ සඳහා අධිකාරියක් පිහිටුවීමට බලාපොරොත්තු වන බවද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය. ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ(SL CERT) හදිසි දුරකථන අංකය - 101 ඔස්සේ අසාධාරණයට ලක් වන ඕනෑම අයෙකුට පැමිණිලි ඉදිරිපත් කළ හැකි බවද පැවසීය.

    කෘෂිකර්ම ක්ෂේත්‍රය ඩිජිටල්කරණය කිරීමේ වැඩ පිළිවෙළ ආරම්භ කර ඇතැයිද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය. ඒ ඒ කන්න වලදී වගා කිරීමට සුදුසු භෝග වර්ග සුදුසු ප්‍රදේශ සම්බන්ධයෙන් අවබෝධයක් මේ ඔස්සේ ලබා ගත හැකිය.

    ලබන වසරේදී කෘතිම බුද්ධිය විෂය මෙරට ව්‍යාප්ත කිරීම සඳහා විශේෂ අවධානය යොමු කරන බවද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය. AI සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පිහිටුවා ඇති බවත් , ලබන වසරේදි ඒ සඳහා පනත් කෙටුම්පතක් සකස් කරන බවද අමාත්‍යවරයා කීය ඒ සම්බන්ධයෙන් අදහස් දැක් වූ රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, රටට , තාක්ෂණයට ගැළපෙන පරිදි මෙම විෂයය මෙරටට හඳුන්වා දෙන බවයි.මෙවර අයවැයෙන් AI සඳහා රුපියල් බිලියනයක් වෙන් කර ඇති බවත් ජනාධිපතිි කාර්යාලයේ පිහිටුවා ඇති AI කමිටුව මගින් ඒ සඳහා අවශ්‍ය සහයෝගය ලබාදෙන බවද කීය.

     

    අධ්‍යාපන අමාත්‍යංශයේ ඩිජිටල් අධ්‍යාපන ප්‍රතිපත්තියක් ගොඩ නැගිමට අවශ්‍ය සහාය ලබා දී තිබෙනවා. සෑම වසරකම තොරතුරු තාක්ෂණය සඳහා20,000ක් අවශ්‍යතාවයක් තිබෙනවා. නමුත් අපට සිටින්නේ 10,000ක් පමණයි. ඒ සඳහා වැඩපිළිවෙළ අපි යෝජනා කර තිබෙනවා. විශේෂයෙන්ම කලා උපාධිධාරින් පුහුණු කර රැකියා ලබා දීම සම්බන්ධයෙන් අවධානය යොමු කරනවා. එළඹෙන ජනවාරියේ එම වැඩසටහන ආරම්භ කරනවා.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya