මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාත්‍යන්තර විශ්ව සෞඛ්‍ය ආවරණ දිනය අදයි

    දෙසැම්බර් 12, 2023

    ජාත්‍යන්තර විශ්ව සෞඛ්‍ය ආවරණ දිනය (International Universal Health Coverage Day – UHC දිනය) වෙනුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට කාර්යාලය සංවිධනය කරන ලද විශේෂ උත්සවයක් අද දින (12) සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ගෝල් ෆේස් හෝටලයේ දී පැවැත්විණි.

    සෑම වසරකම දෙසැම්බර් මස 12 වන දින මෙම දිනය සමරනු ලබන අතර ශක්තිමත්, සමානාත්මතාවය සදහා ඔරොත්තු දෙන සෞඛ්‍ය පද්ධතියක් සහ විශ්වීය සෞඛ්‍ය ආවරණය සදහා අවශ්‍යතාවය පිළිබදව දැනුවත් කිරීම සදහා එක්සත් ජාතීන් විසින් නම් කරන ලද නිල දිනයක් ලෙස ජාත්‍යන්තර විශ්ව සෞඛ්‍ය ආවරණ දිනය (UHC දිනය) හැදින්විය හැක.

    “සැමට සෞඛ්‍ය : ක්‍රියා කිරීමට කාලයයි”, යන්න තේමා කර ගනිමින් 2023 වර්ෂයේ දී මෙම දිනය සමරනු ලබයි.

    ලෝක සෞඛ්‍ය සංවිධානයේ 75 වන සංවත්සරය වෙනුවෙන් විශේෂ මුද්දරයක් හා විශේෂ සමරු කවරයක් මෙහිදී එලිදැක්වීමට තැපැල් දෙපාර්තුමේන්තුව පියවර ගන්නා ලදී. බෝයවලාන මහා විද්‍යාලයේ 5 ශ්‍රේණියේ ඉගෙනුම ලබන එන්.ඒ.අෂේන් රවීර නාරංගොඩ ශිෂය්‍යා විසින් නිර්මාණය කරන ලද චිත්‍රයක් ඇසුරින් එම විශේෂ සමරු මුද්දරය නිර්මාණය කර තිබුණි.

    මෙහිදී අදහස් දක්විමින්, සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා කියා සිටියේ,

    ලෝක සෞඛ්‍ය සංවිධානයේ වත්මන් ක්‍රියාවලිය විශේෂ ඇගයීමකට ලක් කරන බවයි. ඉදිරියේදීත් ලෝක සෞඛ්‍ය සංවිධානය හා එක්ව මෙරට ජනතාවට විධිමත් ප්‍රශස්ථ සෞඛ්‍ය සේවාවක් ලබාදීමට කටයුතු කරන බවත් ගෝලීය දත්ත විශ්ලේෂණය කරමින් නොමිලේ සෞඛ්‍ය සේවාවන් සපයන රටක් ලෙස මෙරට සෞඛ්‍ය සේවාව විශිෂ්ඨ මට්ටමක තිබෙන බවත් ඉදිරියේ දී එය තවත් වර්ධනය කරගෙන විශිෂ්ඨතම සෞඛ්‍ය සේවාවක් සැපයීම මෙරට සෞඛ්‍ය අමාත්‍යංශයේ අභිප්‍රාය බවද ප්‍රකාශ කර සිටියේය.

    එමෙන්ම වර්තමානයේ මෙරට සෞඛ්‍ය සේවාවට බලපා තිබෙන යම් යම් ගැටලු නිරාකරණය කර ගැනීම සදහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ තාක්ෂණික සහ විද්වත් සහය ලබා ගත යුතු ආකාරය පිලිබදවත් ඉදිරියේ දී තිබෙන අභියෝග ජය ගැනීමට සියලු දෙනාගේ සහය අවශ්‍ය වන බවත් අවධාරණය කර සිටියේය. ‍

    මෙම අවස්ථාවට දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි, සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල, ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නේවාසික නියෝජිත ආචාර්ය අලාකා සිං, තැපැල්පති රුවන් සත්කුමාර, නියෝජ්‍ය තැපැල්පති (බටහිර දකුණ) සිසිරකුමාර වලල්ලාවිට, සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් විශේෂඥ වෛද්‍ය ලක්ෂ්මි සෝමතුංග, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන් වන විශේෂඥ වෛද්‍ය සූසි පෙරේරා, විශේෂඥ වෛද්‍ය එස්. ශ්‍රීධරන්, විශේෂඥ වෛද්‍ය චම්පිකා වික්‍රමසිංහ, කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය කුමාර වික්‍රමසිංහ, ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදේශක විශේෂඥ වෛද්‍ය පාලිත අබේකෝන් යන මහත්ම මහත්මීන් ඇතුළුව රෝහල් හා සෞඛ්‍ය ආයතන නියෝජනය කරමින් සෞඛ්‍ය පරිපාලකයින්, විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන් ඇතුළු පිරිසක් සහභාගී වුහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya