මැයි 09, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට කඩිනම් තීරණ ගැනීමේ යාන්ත්‍රණයක්

    දෙසැම්බර් 12, 2023

    පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට කඩිනම් තීරණ ගැනීමේ යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය, කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල
    ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

    ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (12) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී ය.

    2030 වසර වන විට ජාතිකව නිර්ණය කළ දායකත්ව ඉලක්ක සපුරා ගැනීමට පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති කඩිනමින් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය මෙහි දී අමාත්‍යවරයා විසින් අවධාරණය කළේය.

    ශ්‍රී ලංකාව තුළ දැනට පවතින ක්‍රමවේද අනුගමනය කරමින් එවැනි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා ගත වන කාලය මෙන්ම එකී ක්‍රමවේද අනුගමනය කරමින් එවැනි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා ගත වන කාලය මෙන්ම එකී ක්‍රමවේද අනුව කටයුතු කිරීමේ දී උනන්දුවක් දක්වන ආයෝජකයින්ට මුහුණ දීමට සිදු වන අපහසුතා සැලකිල්ලට ගෙන පුනර්ජනනීය බලශක්ති කඩිනමින් ක්‍රියාත්මක කිරීමට නව ක්‍රමවේදයක් හඳුන්වා දිය යුතු බවට 2023.11.20 දින පැවති කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබුණි.

    ඒ අනුව, පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සම්බන්ධයෙන් තීරණ ගැනීමට සහ අදාළ ආයතන විසින් එකී තීරණ කාර්යක්ෂමව හා කඩිනමින් ක්‍රියාත්මක කරනු ලබන බව අධීක්ෂණයට ජනාධිපති කාර්යාලය (කමිටු සභාපති), අග්‍රාමාත්‍ය කාර්යාලය, මුදල්,ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය, ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශය, වනජීවී සහ වන සම්පත් සංරක්ෂණ අමාත්‍යංශය, පරිසර අමාත්‍යංශය, සංචාරක හා ඉඩම් අමාත්‍යංශය, කර්මාන්ත අමාත්‍යංශය, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය, වාරිමාර්ග අමාත්‍යංශය, ජලසම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යංශය, ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අමාත්‍යංශය සහ ලංකා විදුලිබල මණ්ඩලය යන ආයතන නියෝජනය වන පරිදි ඒකාබද්ධ ස්ථාවර කමිටුවක් පත් කිරීමට විදුලි බල අමාත්‍ය කංචන විජේසේකර අමාත්‍යවරයා විසින් ඉදිරි පත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි ව තිබෙන බව හෙතෙම මෙහි දී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya