මැයි 09, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප්‍රදේශ කිහිපයකට ගංවතුර තත්වයක්- වාරිමාර්ග දෙපාර්තමේන්තුව

    දෙසැම්බර් 12, 2023

    නිල්වලා ගංඟා ද්‍රෝණීයේ ඉහළ සහ මධ්‍යම ධාරා ප්‍රදේශවල බොහෝ ප්‍රදේශවලට මේ වනවිට සැළකියයුතු වර්ෂාපතනයක් ලැබි ඇති බැවින් ප්‍රදේශ කිහිපයකට ගංවතුර තත්වයක් ඇති විය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

    ‍ඒ අනුව පස්ගොඩ, කොටපොල, පිටබැද්දර, අකුරැස්ස,අතුරලිය, මාලිම්බඩ, තිහගොඩ,මාතර සහ දෙවිනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල නිල්වලා ගඟ පිටාර තැන්නට අයත් පහත්බිම් ප්‍රදේශවලට ගංවතුර තත්වයක් ඇතිවිය හැකි වේ.
    මෙම තත්වය සම්බන්ධයෙන් දැඩි සැළකිල්ලකින් කටයුතු කරන ලෙස එම ප්‍රදේශවල පදිංචි මහජනතාවගෙන් සහ එම ප්‍රදේශ හරහා ගමන් ගන්නා වාහන පදවන්නන්ගෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya