මැයි 08, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    භාණ්ඩ 43ක් වැට් වලින් නිදහස් - කැබිනට් ප්‍රකාශක

    දෙසැම්බර් 12, 2023

    කිසිසේත් අලුතෙන් වැට් පැනවීමක් සිදුනොකළ අතර වටිනාකම මත අයකරන බද්ධ සහ එකතු කළ අගය මත පනවන බද්ධ වශයෙන් පැවති 15% බද්ධ 3%කින් වැඩිකිරීම පමණක් සිදුකළ බව පැවසූ කැබිනට් ප්‍රකාශකවරයා බොහෝ භාණ්ඩ වැට් වලින් නිදහස් කළ ඇතැයිද ඒ අනූව භාණ්ඩ 43ක් වැට් වලින් නිදහස් කර ඇතැයිද පැවසුවේය.

    කැබිනට් ප්‍රකාශකවරයා මේ බව සඳහන් කළේ, අද (12) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.

    ඒ අනූව විදුලිය, පොහොර, ඖෂධ, ආයුර්වේද ඖෂධ, ළදරු කිරි පිටි ආදී භාණ්ඩ විශාල ප්‍රමාණයකට වැට් අයත් නොවන බවද මේ පිළිබඳව විශාල අසත්‍ය ප්‍රමාණයක් පාර්ලිමේන්තුවේ සහ ඉන් පිටත කතා බහට ලක්වූ බවද අවධාරණය කළේය.

    එකඟ වූ රාජ්‍ය ආදායම් ඉලක්ක සපුරාගත නොහැකි වීමෙන් අයි එම් එෆ් දෙවනි වාරිකය ලැබීම ප්‍රමාද වූ බව සිහිපත් කළ ජනමාධ්‍ය අමාත්‍යවරයා බලාපොරොත්තු වූ ආදායම එලෙසින්ම නොලැබුණු හෙයින් යම් යම් බදු වල සංශෝධන කිරීමට සිදුවූ බවද ඊයේ වන විට ඒ සියල්ල සම්පූර්ණ කිරීමට හැකිවූ බවද සිහිපත් කළේය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya