මැයි 09, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විද්‍යාව සහ තාක්ෂණයෙන් විප්ලවයක් සිදු කිරීම සඳහා මෙරට අඩිතාල ම දැමිය යුතුයි- ජනාධිපති

    දෙසැම්බර් 12, 2023

    විද්‍යාව සහ තාක්ෂණයෙන් විප්ලවයක් සිදු කිරීම සඳහා මෙරට අඩිතාල ම දැමිය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (12) පාර්ලිමේන්තුවේ දි පැවසීය.

    ජනාධිපතිවරයා මේ බව පැවසුවේ තාක්ෂණ අමාත්‍යංශයේ වැය ශීර්ෂය පිළිබඳ අද පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක්වෙමිණි.

    අනාගතයේදී කෘතිම බුද්ධිය සඳහා විශාල ඉඩක් හිමි වන බවද ජනාධිපතිවරයා පැවසීය. ඒ සඳහා ජනාධිපති කාර්යාලය තුළ වෙනම කමිටුවක් පිහිටුවා ඇතැයිද කීය. වැඩි දුරටත් අදහස් දක්වමින් ජනාධිතිවරයා පැවසුවේ, මෙවර අයවැයෙන් කෘතිම බුද්ධි විෂයය සඳහා රුපියල් බිලියන 1 1/2 ක් වෙන් කර ඇති බවයි. මෙම විෂය රට තුළ ව්‍යාප්ත කළ යුතු බවත් එසේ නොමැති වුවහොත් මියන්මාරය වැනි රටවල් සමග හෝ තරග කිරීමට නොහැකි වන බව ජනාධිපතිවරයා පැවසීය.

    ඩිජිටල් කරණය රට තුළ ව්‍යාප්ත කළ යුතුයි.අපි මේ සඳහා උදව් කරන්න කැමතියි. අනාගතයේදි කෘතිම බුද්ධියට ලොකු තැනක් ලැබෙනවා. එසේ නැති වුවහොත් අපිට මියන්මාරය සමග හෝ තරග කරන්න බැරි වෙනවා. එම රටවල් වල ව්‍යාපෘති කළමනාකරණය පවා සිදු කරන්නේ කෘතිම බුද්ධිය මගින්. ඩිජිටල් තාක්ෂණය සහ නාවෝත්පාදන සභාව මගින් නවෝත්පාදන ව්‍යාපාර ලෝකයට ඉදිරිපත් කරන්නේ කොහොමද කියන එක ගැන සොයා බැලිය යුතුයි. විද්‍යා හා තාක්ෂණය නැතිව රටකට ඉදිරියට යන්න බැහැ. නව තාක්ෂණය කෘෂිකර්මාන්තය සඳහාද යෙදවිය යුතු බව ජනාධිතිවරයා පැවසීය.

    අපේ භූමි ප්‍රමාණය සීමිත බැවින් කෘෂිකර්මාන්තය සඳහා තාක්ෂණය උපරිමයෙන් යොදා ගත යුතු බව ජනාධිපතිවරයා පැවසීය. වී සහ එළවළු අස්වැන්නේ ඵලදායිතාව අඩු බවත් නවීණ තාක්ෂණය ඒ සඳහා යොදා ගත යුතු යැයිද  ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. ඊජිප්තුවේ පිරමීඩ වලට සමාන දාගැබ් අපේ රටේ තිබෙුණා. ඈත අතීතයේ සීගිරියේ ජලය ඉහළට යන ක්‍රම අපේ රටේ එදා තිබුණා. ග්‍රීන් හයිඩිජන් ක්‍රමය වැනි ක්‍රම වල ලොකු විභවතාවයක් තිබෙනවා. මෙම හරිත තාක්ෂණ ක්‍රම අපේ රට යොදා ගත යුතුයි. ප්‍රති උත්පාදනය කරන බලශක්ති ය අපිට යොදා ගත හැකියි.

    පුද්ගලික විශ්වවිද්‍යාල අරම්භන්න ඉඩ ලබාදෙනවා. තාක්ෂණය සහ විද්‍යාව සඳහා ප්‍රමුඛතාවය ලබා දෙමින් පුද්ගලික විශ්ව විද්‍යාල නැවත ආරම්භ කිරිමට ඉඩ ලබා දෙන බවද ජනාධිපතිවරයා කීය

    2003 දී ටාටා සමාගම මෙරටට ගේන්න හැදුවත් හැමෝම ඊට විරුද්ධ වුණා. නමුත් වසර 20ට පස්සෙත් මෙය සිදු වී නැහැ. අවසානයේදී විදේශිකයින් ආවෙත් නැහැ. දැන් අපේ අයත් රට හැර යනවා. විදේශ රටවලින් ආවත් අපි ඉඩ දෙන්නේ ඒකයි. විදේශිකයින්ට අපි ආරාධනා කරනවා.

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya