ජූලි 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    EPF අරමුදලට රජය මැදිහත්වීමට ජනතාවගෙන් 77%ක් අකමැති බව කියන වෙරිටේ සමීක්ෂණ වාර්තාව රජය ප්‍රතික්ෂේප කරනවා

    දෙසැම්බර් 06, 2023

     සමීක්ෂණ ආයතන දේශපාලන අතකොලු බවට පත් විය යුතු නෑ...

    - මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ 

    දේශීය ණය ප්‍රශස්තකරණය යටතේ රජය, සේවක අර්ථසාධක අරමුදලට මැදිහත්වීමට ගත් තීරණය සාධාරණ නොවන බව මෙරට වැඩිහිටි ජනගහනයෙන් 77%කගේ පිළිගැනීම වී ඇතැයි පවසමින් වෙරිටේ සමීක්ෂණ ආයතනය නිකුත් කර ඇති වාර්තාව ප්‍රතික්ෂේප කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා කියයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ අදාළ සමීක්ෂණය සඳහා තෝරාගත් නියැඳිය සහ ඔවුන් වෙත ඉදිරිපත් කළ ප්‍රශ්නාවලිය කුමක් ද යන්න මෙහි දී සලකා බැලිය යුතු බවයි.

    මෙරට ආර්ථික අර්බුදය විසඳීම සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ මැදිහත් වීමට මෙරට ජනගහනයෙන් 28%ක් පමණක් කැමැත්ත පළ කර ඇති බවට සමීක්ෂණ වාර්තාවක් මීට පෙර අදාළ සමාගම ඉදිරිපත් කළේ ය. ඒ සඳහා නියැඳිය ලෙස යොදාගෙන තිබුණේ පුද්ගලයන් 1008 දෙනෙකු හෙවත් සමස්ත ජනගහනයෙන් 0.0045%ක් පමණක් බවයි අමාත්‍යවරයි පෙන්වා දෙන්නේ.

    මෙරට ගනුදෙනුකරුවන් සතු බැංකු ගිණුම් මිලියන 57.2ක් සේ ම සේවක අර්ථ සාධක අරමුදල, විශ්‍රාමික අරමුදල් ආරක්ෂා වූයේ දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේ ප්‍රතිඵලයක් ලෙස බව සේමසිංහ මහතා කියා සිටියි. එසේ ම ණය ප්‍රතිව්‍යුහගතකරණය සිදු නොවූවා නම් ශ්‍රී ලංකාවේ ඉදිරි ගමන බරපතල අර්බුදයකට ලක් වීමට ඉඩ තිබූ බව අමාත්‍යවරයා පෙන්වා දෙයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ විදේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය ක්‍රියාවලිය සාර්ථක වීම සඳහා දේශීය ණය ප්‍රශස්තකරණය ද හේතු වූ බවයි.

    ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියේ දී සියලු ණය හිමි රටවල් වෙත සමානව සැලකීමේ න්‍යාය සහ විනිවිදභාවය ආරක්ෂා කිරීම ශ්‍රී ලංකා රජය අනුගමනය කරන බව ද අමාත්‍යවරයා කියා සිටියේ ය.

    ඒ අනුව සියලු ණය හිමි රටවල් මේ වන විට ඊට එකඟතාව පළ කිරීම පිළිබඳ සිය කෘතඥතාව පළ කරන අතර ණය ගෙවීමේ කාලය වැඩි කර ගැනීම සහ පොලී අනුපාත පහත දමා ගැනීම ශ්‍රී ලංකාව මූලික වශයෙන් එම රටවලින් අපේක්ෂා කරන බව සේමසිංහ මහතා පෙන්වා දෙයි. ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබා දෙන විස්තීරණ ණය මුදලේ දෙවැනි වාරිකය සඳහා එහි විධායක කමිටු අනුමැතිය නුදුරේ දීම ලැබෙනු ඇතැයි අමාත්‍යවරයා විශ්වාසිය පළ කරයි.

    මෙම ක්‍රියාමාර්ගය ඔස්සේ ඉදිරියට ගමන් කිරීම වෙනුවට විකල්ප අදහස් නොමැති හුදු දේශපාලන විරෝධතාවලින් සිදු වන්නේ රටේ ඉදිරි ගමනට හානියක් බව අමාත්‍යවරයා පවසයි. ඔවුන් අනුව යමින් ඇතැම් සමීක්ෂණ ආයතන ද දේශපාලන අතකොලු බවට පත්ව ඇති බව ද අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya