ජූලි 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලෝක වෙළඳපොළේ ඛණිජ තෙල් මිල වෙනස්වීම හා විනිමය අනුපාතයේ ඇතිවන වෙනස්වීම අනූව ඛණිජ තෙල් මිල වෙනස්වීම් පාලනය කළ නොහැකියි

    දෙසැම්බර් 06, 2023

    සමාගම් තුනක් තරඟකාරී ලෙස රාජ්‍ය අංශයත් සමග ඛණිජ තෙල් බෙදාහැරීම හේතුවෙන් දීර්ඝකාලීන සහ මැදිකාලීන වශයෙන් ඛණිජ තෙල් වෙළඳපොළ යහපත් තත්ත්වයකට පත්වෙනු ඇතැයි කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේය.

    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, අද (06) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී අදහස් දක්වමිනි.

    වෙළඳපොළ තුළ තිබූ ඒකාධිකාරී තත්ත්ව වෙනස්වී වෙළඳපොළ තරඟකාරී වීමට කිසියම් කාල පරිච්ඡේදයක් ගතවනු ඇතැයිද එහිදී අනාගතයේදී වෙනස් ප්‍රතිඵල අවශ්‍යයෙන්ම ඇතිවිය හැකි බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.

    මේ තුළින් අප රටට පැවති එක් භයානක තත්ත්වයක් පහව ගොස් ඇතැයි සිහිපත් කළ අමාත්‍යවරයා මින්පෙර ලංකා ඛණිජ තෙල් සංස්ථාව හා අයිඕසිය පමණක් පැවති අවස්ථාවේදී ඛණිජ තෙල් නීතිගත සංස්ථාව වැඩි කොටසක් ආනයනය කරන අවස්ථාවන්හිදී ඔවුන්ට ඩොලර් හිඟයකට මුහුණපෑමට සිදුවුවහොත් මුළු රටටම ඛණිජ තෙල් නැතිවෙන බවද ඒ තුළින් වෙළඳපොළ තුළ පාරිභෝගිකයන්ට විශාල අසාධාරණයක් සහ පීඩනයක් ඇතිවන බවද වැඩිදුරටත් පැවසුවේය. එම තත්ත්වය නැතිකිරීම සඳහා මෙලෙස සමාගම් තුනක් තරඟකාරී ලෙස රාජ්‍ය අංශය සමග කටයුතු කරන බවද පැවසුවේය.

    ලංකාව ඛණිජ තෙල් මිල තීරණය කරන්නෙක් නොව මිල ලබන්නෙක් බව පැවසූ කැබිනට් ප්‍රකාශකවරයා ලෝක වෙළඳපොළේ ඇතිවන ඛණිජ තෙල් මිල වෙනස්කම් හා විනිමය අනුපාතයේ ඇතිවන වෙනස්කම් අනූව ඛණිජ තෙල් මිල වෙනස්වීම පාලනය කළ නොහැකි යැයිද, එම කරුණු 02ට අනූව මෙරට ඛණිජ තෙල් මිල තීරණය වන බවද අවධාරණය කළේය.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya