ජූලි 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලෝක බැංකුව විසින් අරමුදල් සපයන මුල්‍ය අංශයේ ආරක්ෂණ ජාලය ශක්තිමත් කිරීමේ ව්‍යාපෘතියක්

    දෙසැම්බර් 06, 2023

    රජය විසින් කිසිඳු හේතුවකට මහජනයාගේ තැන්පතු අයකර නොගන්නා බවත්, එකී සියලු තැන්පතු ආරක්ෂා කිරීමට ක්‍රියාකරන අතර එය අනාගතයේ දී වඩාත් සුරක්ෂිත කිරීමට තැන්පතු සියල්ල රක්ෂණය කිරීමට අදාළ වන ලෙස විශාල මුදලක් ප්‍රග්ධනිකරණය කිරීමට ලෝක බැංකුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 150 ක අරමුදලක් ලබා දීමට එකඟතාවය පළ කර තිබෙන බව ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (06) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී පැවසීය.

    පසුගිය කොවිඩ් වසංගත කාලය තුළ මෙරට පැවති ආර්ථික අර්බුදය හේතුවෙන් බැංකු පද්ධතිය විස්වාසනියභාවය පිලිබඳ ගැටලුකාරී තත්ත්වයක් මතු වූ බවත්, ඇතැම් අවස්ථාවල ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ දී මෙරට සියලු තැන්පතුකරුවන්ගේ තැන්පතු වලින් කොටසක් රජය විසින් අයකර ගන්නා බවට විපක්ෂය විසින් මතවාදයක් ද ගෙන ගිය බවත් නමුත් රජය විසින් කිසිසේත් මහජනයාගේ තැන්පතු කිසිඳු හේතුවකට අය නොකරන බවත් හෙතෙම මෙහි දී අවධාරණය කළේය.

    මුල්‍ය අංශයේ ආරක්ෂණ ජාලය ශක්තිමත් කිරීමේ ව්‍යාපෘතිය ලෝක බැංකු අරමුදල් යටතේ ක්‍රියාත්මක කිරීම පිණිස 2023.04.24 දින පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී ප්‍රතිපත්තිමය අනුමැතිය ලබා දී තිබේ.

    ඒ අනුව, එකී අනුමැතිය පරිදි පැවති ණය සම්මුති සාකච්ඡා වල දී ශ්‍රී ලංකා තැන්පති රක්‍ෂණ යෝජනා ක්‍රමය ප්‍රග්ධනිකරණය, මහා බැංකුවේ ආයතනික ධාරිතා සංවර්ධනය සහ එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම අධීක්ෂණ යන සංරචකයන් යටතේ ඇමරිකානු ඩොලර් මිලියන 150 ක ණය අරමුදල් සැපයීමට ලෝක බැංකුව එකඟතාවය පළ කර ඇත.

    ඒ අනුව අදාළ ගිවිසුම් වලට එළඹීම පිණිස මුදල් අමාත්‍ය ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි ව තිබේ. ඒ අනුව, ශ්‍රී ලංකා මහබැංකුවේ ධාරිතාවය පුළුල් කිරීමත්, මහබැංකුව මඟින් අධීක්ෂණය කටයුතු වඩාත් නවීන තාක්ෂණයෙන් යුතුව කිරීමටත්, තැන්පතු සියල්ල රක්ෂණය කිරීමටත්, ඉහළ විශ්වසනීය ආකාරයෙන් බැංකු ක්‍රමය වඩාත් සුරක්ෂිත කිරීමටත් මෙම යෝජනාව අතිශයින් වැදගත් බව හෙතෙම මෙහි දී වැඩිදුරටත් පැවසීය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya