ජූලි 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාත්‍යන්තර ජල සමුළුව 2023 දෙසැම්බර් මස 14 සහ 15 දිනවල දී

    දෙසැම්බර් 06, 2023

    මෙම වසරේ ජාත්‍යන්තර ජල සමුළුව 2023 දෙසැම්බර් මස 14 සහ 15 දිනයන්හි දී ජලය හා සනීපාරක්ෂාව පිළිබඳ විශිෂ්ටතා කේන්ද්‍රයේ දී (CEWAS) පැවැත්වීමට සියලු කටයුතු සංවිධානය කර ඇති බව ජල සම්පාදන අමාත්‍යංශයේ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා පැවසීය.

    රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා මේ බව පැවසුවේ, 2023 වසරේ අන්තර්ජාතික ජල සමුළුව සම්බන්ධව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවට ඒක්වෙමිනි.

    අන්තර්ජාතික ජල සමුළුව ජාතික ජල ප්‍රවාහන හා ජල සම්පාදන මණ්ඩලය විසින් සෑම වසරකම සංවිධාන කරන බව පෙන්වා දුන් රාජ්‍ය අමාත්‍යවරයා , ජලය සහ සනීපාරක්ෂක අර්බුද විසඳීම සඳහා කඩිනම් පියවර මෙවර එම සමුළුවේ තේමාව බව කීය.

    මෙම සමුළුව සඳහා ජල වෘත්තිකයින් ,දේශිය නියෝජිතයින් , ජාත්‍යන්තර සංවිධාන, රාජ්‍ය නිලධාරීන් , දේශිය සහ ජාත්‍යන්තර මාධ්‍ය සියලුදෙනා සහභාගී වන බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා පැවසීය.

    මෙම සමුළුවේ අරමුණු ලෙස රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ , මෙම වසරේ ජාත්‍යන්තර ජල සමුළුවේ තේමාවට අදාළව අදහස් හුවමාරු කර ගැනීම, එම තේමාවට අදාළව මාර්ගෝපදේශ සංවර්ධනය කර ගැනීම, පර්යේෂණ පැවැත්වීම සම්බන්ධ සම්මත්‍රන පැවැත්වීම, විද්වත් සැසි , ජලය සහ අපජලය කර්මාන්ත සම්බන්ධයෙන් නවතම සංවර්ධන වැඩ පිළිවෙලවල් සම්බන්ධව කතිකා කිරීම සහ අපගේ දැනුම සහ ජාත්‍යන්තර ඇති දැනුම අප අතරේ හුවමාරු කර ගැනීමයි.

    පසුගිය කාල වකවානුවල රට තුල ඇති වූ නොසන්සුන් තත්ත්වය , ආර්ථික අර්බුදය, ලෝක ආර්ථික අර්බුදය, කොවිඩ් 19 වසංගත තත්ත්වය සමඟ ජනතාවට ජලය ලබා දීමේ වැඩපිළිවෙල යම්කිසි පසුබෑමකට ලක් වු බව කී රාජ්‍ය අමාත්‍යවරයා , මේ වන විට දළ වශයෙන් 60% ක් පමණ අප රටේ ජනතාවට පිරිසිදු ජලය ලබාදී අවසන් බවත් අමාත්‍යාංශය හැටියට මේ සියලු අභියෝග ජයගෙන ඉලක්ක්යක් කරා යන බවද කීය.

    ඒසේම ජල සම්පාදන හා ජල ප්‍රවාහන මණ්ඩලය සහ ප්‍රජා ජල දෙපාර්තමේන්තුව ඒක්ව රට පුරා අඩක් නිම වූ දැවැන්ත ජල ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කරන බව කී රාජ්‍ය අමාත්‍යවරයා, මෙම ව්‍යාපෘති අවසන් කර විට 70% කට වඩා වැඩියෙන් අප රටේ ජනතාවට පිරිසිදු ජල සැපයුමක් ලබා දීමට හැකි බවද පෙන්වා දුන්නේය.

    මෙම මාධ්‍ය හමුවට ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් අමාත්‍ය ජීවන් තොන්ඩමන් මහතා ,‍ ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් අමාත්‍යයේ ලේකම් ආර්.ඒම්.ඩබ්ලිව්.ඒස්.සමරදිවාකර මහතා , ජාතික ජල සම්පාදන මණ්ඩලයේ සභාපති නිශාන්ත රණතුංග මහතා , ජල සම්පාදන හා ජල ප්‍රවාහන මණ්ඩලයේ සාමාන්‍යාධිකාරි ඉංජිනේරු රුවන් ලියනගේ යන මහත්වරුන් ඒක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya