ජූලි 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගාලු කොටුව නැරඹීමට එන සංචාරකයින්ගෙන් කිසිදු මුදලක් අය කරන්නේ නෑ

    දෙසැම්බර් 06, 2023

    ගාලු කොටුව නැරඹීමට එන සංචාරකයින්ගෙන් කිසිදු මුදලක් අය කර නොගන්නා බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා අද (06) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    මුදල් අයකර ගන්නේ කෞතුකාගාර සහ වෙනත් සුවිසේශී ස්ථාන නැරඹීමට එන සංචාරකයින්ගෙන් පමණක් බවද හෙතෙම පැවසීයඑසේ මුදල් අයකර ගන්නේද නඩත්තු කටයුතු සඳහා බව අමාත්‍යවරයා සඳහන් කළේය.

    බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශයන්හි වැය ශීර්ෂ පිළිබඳ විවාදයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා මේ බව පැවසීය.

    වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා පැවසුවේ;

    ගාලු කොටුව අද බරපතල අර්බුදයකට ගිහින් තිබෙනවා. අද වෙන විට කොටු පවුර සම්පූර්ණයෙන්ම නාය යන තත්වයට පත්වෙලා තිබෙනවා. මේ සඳහා මුදල් අවශ්‍යයි. නමුත් ඇතුල් වෙන අයගෙන් හෝ හෝටල් වල නේවාසිකව සිටින අයගෙන් කිසිදු මුදලක් අය කරන්නේ නැහැ

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya