ජූලි 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සිවිල් ආරක්ෂක බලකායේ නිලධාරින් ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගැන්වීමේ ක්‍රමවේදය සාකච්ඡා මට්ටමේ- ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය

    දෙසැම්බර් 06, 2023

    සිවිල් ආරක්ෂක බලකායේ නිලධාරින් ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගැන්වීමේ ක්‍රමවේදය සාකච්ඡා මට්ටමේ පවතින බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා අද (06) පාර්ලිමේන්තුවේදී පැවසීය.

    පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.පී.එස් කුමරසිරි මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය. වඩාත් කාර්යක්ෂම රාජ්‍ය සේවයක් ලබා දීම රජයේ වගකීම බවත්, එම නිලධාරින්ගේ කැමැත්ත අකමැත්ත විමසා මෙම ස්වයං විශ්‍රාම ගැන්වීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක කරන බවද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය. රජයේ බලාපොරොත්තුව සිවිල් ආරක්ෂක බලකාය කාර්යක්ෂම සේවාවවක් බවට පත් කිරීම බවද හෙතෙම පෙන්වා දුන්නේය.

    වැඩිදුරටත් අදහස් දැක්වූ ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ,

    සිවිල් ආරක්ෂක බලකායේ 34,000ක් දැනට සේවයේ යෙදෙනවා. 2015 වසරෙන් පස්සේ සිවිල් ආරක්ෂක බලකායට බඳවා ගැනීම් සියල්ල නවත්වා තිබෙනවා. අපේ බලාපොරොත්තු සිවිල් ආරක්ෂක බලකාය කාර්යක්ෂම සේවයක් බවට පත් කරන්න. යුද්ධය පැවති සමයේ මායිම් ගම්මාන ආශ්‍රිතව මෙම බඳවා ගැනීම් සිදු වූ නිසා, ඔවුන්ව එම ප්‍ර දේශවලම රඳවා ගැනීමට සිදු වී තිබෙනවා. ඔවුන් කොළඹට පැමිණි රැකියාව කරන්න කැමති නැති තත්වයක් තිබෙනවා. නමුත් අපි කරන්නේ අවශ්‍යතාවය අනුව ඔවුන්ව සේවයේ යොදවන එක. එවිට උතුරෙද දකුණෙද කියන එක අදාළ වෙන්නේ නැහැ. එවිට තවදුරටත් නිවසේ සිට සේවය කිරීමට නොහැකි වෙයි. එම ක්‍රමයට අකමැති අයට වීආර්එස් (Volunteer Resign Scheme) එකක් ලබා දෙනවා. බදු ගෙවන ජනතාවගේ මුදල් වලින් තමයි ඔවුන්ට වැටුප් ගෙවන්නේ. විශේෂයෙන්ම පෞද්ගලික අංශයෙන් අය කර ගන්නා මුදල් වලින්. කාර්යක්ෂම සේවයකින් මුදල් අරගෙන අකාර්යක්ෂම සේවයකට මුදල් යොදවන එක අසාධාරණයි. එහි ක්‍රමවේදය සම්බන්ධයෙන් සාකච්ඡා මට්ටමේ පවතිනවා.

    මෙම ස්වයං විශ්‍රාම ගැන්වීම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ,

    යුද්ධයේ දී සිිවිල් ආරක්ෂක බලකායේ නිලධාරින්ගෙන් විශාල සේවයක් සිදු වුණා. ඒ පිළිබඳව තර්කයක් නැහැ. නමුත් ඔවුන් වෙනුවෙන් රුපියල් බිලියන 850ක් රජයට දරන්න ඕන.ඒ වෙනුවෙන් කාර්යක්ෂම සේවාවක් ලබා ගත යුතුයි. නැතහොත් ‍ෙම් රට නැවතත් බංකොළොත් වෙන්න පුළුවන්. එම නිලධාරින්ගෙන් කාර්යක්ෂම සේවාවක් ලබා ගන්න අපි කටයුතු කරනවා. මෙම කටයුත්ත සම්බන්ධයෙන් අපි ඔවුන් සාකච්ඡා කරලා නැහැ. අපි ඔවුන්ගෙන් කැමැත්ත අකමැත්ත විමසනවා. සමහර අය වැඩට එන්නෙත් නැතිව පඩි ගන්නවා. දේශපාලන වශයෙන් අවාසි වුවත් රට වෙනුවෙන් ‍ෙමම තීරණය ගැනීමට අපට සිදු වෙනවා.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya