ජූලි 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට සිදුවන ගං වතුර හානිය අවම කිරීම සඳහා ආරම්භ කළ ව්‍යාපෘතිය කඩිනම් කරනවා

    දෙසැම්බර් 06, 2023

    ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලට සිදුවන ගං වතුර හානිය අවම කිරීම සඳහා ආරම්භ කළ ව්‍යාපෘතිය කඩිනම් කරන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා අද(06) පාර්ලිමේන්තුවේදී පැවසීය.

    මෙම ව්‍යාපෘතිය මගින් යම් කිසි සාධනීය විසඳුමක් එම දිස්ත්‍රික්කවල ජනතාවට ලබා දීමට හැකි වනු ඇතැයිද රාජ්‍ය අමාත්‍යවරයා කීය.

    පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.

    ගාල්ල මාතර ප්‍ර දේශ වලට වසර 04කට සැරයක් මෙලෙස ගංවතුර ආපදා සිදුවෙනවා. මේ වෙනුවෙන් සහනාධාර ලබා දීමට විශාල මූල්‍ය ආයෝජනයක් සිදු කරන්න රජයට සිදුවෙනවා.පසුගිය වසර වල මෙම ගං වතුර හානිය අවම කරන්න ගත් ක්‍රමවේද අවමයි . ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලට සිදු වන ගං වතුර හානිය අවම කිරීමට සහ හම්බන්තොට දිස්ත්‍රික්කයට ජලය ගෙන යාමට පසුගිය සමයේ ව්‍යාපෘතියක් ආරම්භ කර තිබෙනවා. එම ව්‍යාපෘතිය කඩිනම් කිරීමට කටයුතු කරනවා.

    කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නවීකරණ කටයුතු මේ වන විට ආරම්භ කර ඇතැයිද ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය. ඒ සඳහා ලෝක බැංකුවේ ආධාර ලබා ගන්නා බවද හෙතෙම පැවසීය. පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය. වඩාත් විශ්වාසනීය පුරෝකථනයන් ජනතාවට ලබා දීම කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අරමුණ බවද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

    කාළගුණ තොරතුරු ඉදිරිපත් කිරීම සඳහා දියුණු ක්‍රමවේදයක් අපි ළග නැහැ. නමුත් ලෝකයේ බොහෝ දියුණු රටවල් මෙම පුරෝකතන ස ඳහා විශාල මුදලක් අය කරනවා.නමුත් අපි සරල විදියේ පුරෝකතන තමයි බොහෝ ආයතන වලට ලබා දෙන්නේ.ගොවිජනතාවට, බලශක්ති, ඒවියේෂන්, ෂිපින් වැනි ක්ෂේත්‍ර සඳහා නවීණ වාර්තා ලබා දෙන්න පුළුවන් නම් මෙම ක්ෂේත්‍ර නවීකරණය කළ හැකියි. එමගින් මුදල් ඉපයීමේ හැකියාව පවා තිබෙනවා. නමුත් මේ සඳහා යම් කිසි කාලයක් ගත වෙයි

    මෝසම් වැසි සමග පරිසර දූෂණය වැඩි වී ඇති බවත්, පරිසර දූෂණය සම්බන්ධයෙන් ලැබෙන වාර්තා ඉතාම නරක මට්ටමේ ඇති බවත්, මේ සඳහා කළාපීය වශයෙන් විසඳුමක් සෙවීම අවශ්‍ය බවද හෙතෙම පැවසීය.

    ජනපති සහ එක්සත් ජනපද ජනපතිගේ දේශගුණික විපර්යාස පිළිබඳ විශේෂ නියෝජිතවරයා අතර හමුවක් පසුගියදා සිදු වූ බවත් එහිදීද මේ සම්බන්ධයෙන් සාකච්ඡා වූ බවද කීය.

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya