ජූලි 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඊජිප්තුවේ තානාපතිවරයා කථානායක හමුවෙයි

    දෙසැම්බර් 05, 2023

    ශ්‍රී ලංකාවේ ඊජිප්තු තානාපති මජීඩ් මොස්ලේ මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හමු විය.

    ඊජිප්තුව සහ ශ්‍රී ලංකාව අතර පවතින වසර 66ක ද්වීපාර්ශවීය සබඳතා සම්බන්ධයෙන් කථානායකවරයා සහ තානාපතිවරයා අතර සාකච්ඡා පැවැත්විණි.

    මේ අනුව ඊට සමගාමීව සමරු මුද්දරයක් නිකුත් කිරීම සහ ශ්‍රී ලංකා - ඊජිප්තු පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය යළි පිහිටුවීම සම්බන්ධයෙන් අවධානය යොමු විය.

    දෙරට අතර පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සදහා විවිධ අංශ ගණනාවක් ඔස්සේ ගතහැකි ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මෙහිදී වැඩිදුරටත් සාකච්ඡා කෙරිණි.

    පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ද මේ අවස්ථාවට එක්ව සිටියාය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya