ජූලි 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නව ක්‍රිකට් තේරීම් කමිටුවක් පත් කිරීමට තීරණයක්- ක්‍රීඩා හා යෞවන කටයුතු ඇමැති

    දෙසැම්බර් 05, 2023

    හිටපු ක්‍රීඩක උපුල් තරංග මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නව ක්‍රිකට් තේරීම් කමිටුවක් පත් කිරීමට තීරණය කර ඇතැයි ක්‍රීඩා හා යෞවන කටයුතු ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (04) පැවසීය.

    තව නුදුරු දිනකින් ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් පනවා ඇති තහනම ඉවත්කරගත හැකි වනු ඇති බවත් ඒ සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ බලධාරින් සමග දුරකථනයෙන් අදහස් හුවමාරු කරගත් බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය

    ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ වැය ශීර්ෂය යටතේ පැවැති විවාදයට එක්වෙමින් ඇමැතිවරයා මේ බව පැවසීය

    වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා පැවසුවේ, උපුල් තරංග ක්‍රිකට් තේරීම් කාරක සභාවේ සභාපතිවරයා ලෙස පත් කරන්න මම හිතනවා. මුළු ලංකාවම ක්‍රිකට් ගහන්නේ නැහැ. ලංකාවේ මිලියන 4ක්වත් ක්‍රිකට් ගහන්නේ නැහැ. බදුල්ලෙන්, අම්පාරෙන්, මඩකලපුවෙන් ක්‍රිකට් ක්‍රීඩකයන් ජාතික කණ්ඩායමේ සිටිනවාද? ගමට ක්‍රිකට් ගිහිං නැති බව එමඟින්ම තේරුම් ගත හැකියි. ක්‍රීඩාංගණ සම්බන්ධයෙන් පවතින්නේ ඛේදනීය තත්ත්වයක්. සුගතදාස ක්‍රීඩාංගණය එදා හැදුවාට පසුව අද වන තෙක් දියුණුවක් වෙලා නැහැ.

    හැම ගම්මානයකටම ක්‍රීඩා පිට්ටනියක් ලබාදීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක විය යුතුයි. ලක්ෂ 43ක් ඉතිරි කරමින් වසරකට මිලියන 50ක් ඉතිරි කර එය ක්‍රීඩාව සඳහා යොමු කිරීමට රාජ්‍ය ඇමැතිවරයා පියවර ගෙන තිබෙනවා. එය සැබැවින්ම අගය කළ යුතු කාරණාවක්. ඇන්ට්කරප්ෂන් නීතිය හරහා දඬුවම් කිරීමේ ක්‍රමවේදයක් තිබෙනවා. රොෂාන් රණසිංහ මහතාට වුණත් තවමත් අප සමඟ එක්ව කටයුතු කරන්න පුළුවන්. මට මේ අමාත්‍යාංශය ඔටුන්නක් නොවේ. එය තවත් අභියෝගයක්. ඒ අභියෝගය ජය ගන්න මම කටයුතු කරනවා.

    ICCයත් එක්ක සාකච්ඡා කරලා තියෙනවා. ඔවුන් නොබෝ දිනකින් අපේ තහනම ඉවත්කරන බවත් දුරකථනයෙන් කළ සංවාදයකදී ප්‍රකාශයක් කළා. ඔවුන් සඳහා ලිපිය ලබාදෙන්න ඕන. මම හිතනවා මේ සතිය තුළ එයත් ලබාගැනීමේ හැකියාව අපිට තියෙයි. ශම්මි සිල්වාට එරෙහිව තියෙන හැම චෝදනාවක් ම ඒ වෙලාවේම මම ICCයට ඉදිරිපත් කරනවා. ICCයේ තමයි සල්ලි . ලංකාවේ රජයේ සල්ලි නෙමෙයි. ඒ නිසා අපිට පුංචි ප්‍රශ්නයක් තියෙනවා . හැබැයි අපි ගෙනාපු නීතියක් මේ රටේ තියෙනවා. ඒක තමයි දූෂණ මර්ධන නීතිය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya