ජූලි 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    “ඔයාමඩුව සුවසිරිපුර” ඖෂධ නිෂ්පාදන කලාපයේ යටිතල පහසුකම් කඩිනම් කොට ආයෝජකයින්හට අවස්ථාව දෙන්න -සෞඛ්‍ය අමාත්‍ය

    දෙසැම්බර් 05, 2023

    රාජ්‍ය හා පෞද්ගලික අංශ එකතුවකින් සමන්විත මෙරට ආරම්භ කිරීමට යෝජිත ප්‍රථම ඖෂධ නිෂ්පාදන කලාපය වන “ඔයාමඩුව සුවසිරිපුර” ඖෂධ නිෂ්පාදන කලාපයේ යටිතල පහසුකම් කඩිනමින් සංවර්ධන කොට ආයෝජකයින් වෙත ලබා දීමට අවශය පියවර ගන්නා ලෙස ඔයාමඩුව ඖෂධ නිෂ්පාදන හිමියන්ගේ සංගමයේ (CPMO) නියෝජිතයින් හමුවේ සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ප්‍රකාශ කර සිටියේය.

    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කරන ලද්දේ, (04 දින) ඔයාමඩුව ඖෂධ නිෂ්පාදන හිමියන්ගේ සංගමයේ (CPMO) නියෝජිතයින් සමඟ සෞඛ්‍ය අමාත්‍යංශයේ දී පැවති විශේෂ සාකච්ජාවකදීය.

    තමන් සෞඛ්‍ය අමාත්‍යවරයා මෙන්ම කර්මාන්ත අමාත්‍යවරයා වශයෙනුත් මේ සදහා ලබා දිය හැකි උපරිම සහය, මඟ පෙන්වීම විනිවිදභාවයකින් යුතුව ලබාදෙන බවත්, ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව රටතුළ නිෂ්පාදනය කල හැකි සියලුම ඖෂධ මෙරට නිෂ්පාදනය කර තත්වයෙන් උසස් ඖෂධ සාධාරණ මිලට මෙරට ජනතාවට ලබා දීම මෙම ව්‍යාපෘතියේ ප්‍රමුඛ අරමුණ විය යුතු බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කර සිටියේය.

    එමෙන්ම මෙරටට ඖෂධ ආනයනය කිරීමේ දී විශාල මුදලක් ඒ සදහා වැය වන බවත් මෙරට ඖෂධ නිෂ්පාදනය කිරීමෙන් ඒ සදහා වැයවන මුදල මෙරට තුළ ඉතිරිකර ගැනීමට හැකි බවද පැවසීය. මේ වන විට රටට අවශ්‍ය ඖෂධ වලින් 20% ක් රට තුළ නිෂ්පාදන කරන අතර පියවරෙන් පියවර එය වර්ධනය කර ගත යුතු බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    අනුරාධපුර “දැයට කිරුළ” ප්‍රදර්ශනය පැවති භූමිය මෙම ව්‍යාපෘතිය සදහා යොදා ගෙන ඇති බවත් ඒ තුළ යටිතල පහසුකම් සංවර්ධනයේ දී පවතින ගැටලු කිහිපයක් පිළිබදව ඔයාමඩුව ඖෂධ නිෂ්පාදන හිමියන්ගේ සංගමයේ නියෝජිතයින් අමාත්‍යවරයා මෙහිදී දැනුවත් කරන ලදී.

    එම ගැටලු වලට අවශ්‍ය විසදුම් අදාල අංශ සමඟ සාකච්ජා කර කඩිනමින් ලබාදීමට අමාත්‍යවරයා මෙහිදී එකඟතාවය පල කලේය. මෙම කර්මාන්ත කලාපය හරහා ඖෂධ වර්ග රැසක් මෙන්ම ශල්‍ය උපකරණ රැසක් ද නිෂ්පාදනය කිරීමට අපේක්ෂා කරයි.

    මෙම සාකච්ජාමය අවස්ථාවට ඔයාමඩුව ඖෂධ නිෂ්පාදන හිමියන්ගේ සංගමය (CPMO) නියෝජනය කරමින් එහි සභාපති S.M.D.සුර්යකුමාර, ලේකම් ගයාන් ගුණවර්ධන යන මහත්වරුන් ඇතුළු නියෝජිත පිරිසක් සහභාගී වුහ.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya