ජූලි 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විශ්වවිද්‍යාල කඩිනම් ලකුණු නිකුත් කෙරේ - විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති

    දෙසැම්බර් 01, 2023

    2022 පැවති උසස්පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තෙමසක් යන්නට මත්තෙන් මෙවර විශ්ව විද්‍යාල ප්‍රවේශයේ කඩඉම් ලකුණු නිකුත් කෙරෙන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා අද (01) ප්‍රකාශ කළේය.

    ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ,  රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමිනි.

    පසුගිය සැප්තැමබර් මස 04 වන දා උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වූ අතර සිසුන්ට සැප්තැමබර් 05 වන විට ශිෂ්‍ය අත්පොත මිල දී ගැනීමටත්, සති දෙකක් තුළ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙත විශ්ව විද්‍යාල ප්‍රවේශ අයදුම්පත නිකුත් කිරීමටත් ඉන් සති දෙකක කාලයක් විශ්ව විද්‍යාලය හෝ පාඨමාලා වෙනස් කිරීමටත් ලබා දීමට මෙවර හැකි වී තිබේ.

    ඒ අනුව අද (01) වන විට විශ්ව විද්‍යාල කඩිනම් ලකුණු නිකුත් කිරීමට හැකි වී තිබෙන අතර 2024 ජනවාරි සිට විශ්ව විද්‍යාල වලට ඇතුළත් කරගැනීමට කටයුතු කරන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා මෙහි දී ප්‍රකාශ කළේය.

    අද (01) දින අයදුම්පත් ඉදිරිපත් කළ සෑම සිසුවෙක් වෙතම තමන් තේරී පත් වූවේ ද, නැතිද, නොඑසේ නම් අඩුපාඩුවක් ඇති ද යන්න පිළිබඳව විස්තර ඇතුළත් SMS පණිවුඩයක් සිසුන් විශ්ව විද්‍යාල අයදුම්පත මඟින් ලබා දී ඇති ජංගම දුරකථන අංකය ඔස්සේ දැනුම් දීමට කටයුතු සලසා තිබේ. අද දින SMS පණිවුඩයක් නොලැබුණු සිසුන්ට ඒ පිළිබඳව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව 1919 ඇමතිය හැකියි.

    විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නියෝජ්‍ය ලේකම් ශාලිකා ආරියරත්න මහත්මිය මෙහි දී මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ, අද සවස් වන විට UGC(හිස්තැනක්)විභාගඅංකය ලෙස type කර 1919 ට SMS එකක් යැවිය හැකි අතර එමඟින් ද තමන් තේරී පත් වූවේ ද, නැතිද, නොඑසේ නම් අඩුපාඩුවක් ඇති ද යන්න පිළිබඳව විස්තර දැනගත හැකි බවයි.

    ඊට අමතරව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ දුරකථන අංක 0112695530(1)/ 0112695302/0112692357/0112675854 ද www.ugc.ac.lk යන වෙබ් අඩවිය ඔස්සේ ද විස්තර දැනගත හැකිය.

    එමෙන්ම අභියාචනා ඉදිරිපත් කිරීමට අද සිට දින 30 ක කාලයක් ලබා දෙන බවත්, පළවෙනි අදියරේ දී ඉදිරි සති දෙකක කාලය තුළ විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා ලියාපදිංචිය ආරම්භ කෙරන බවත්, එහි දී ද ලබා දී ඇති දුරකථන අංකයට SMS මඟින් ලියාපදිංචියට අවශ්‍ය උපදෙස් ලබා දෙන බවත් ඒ මහත්මිය මෙහි දී ප්‍රකාශ කළාය.

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya