මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දෙරාජ්‍ය අතර අවබෝධතා ගිවිසුම්වලට එළඹීමට අවශ්‍ය කටයුතු රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් ඉටුකිරීම ජනපතිගේ ඉන්දීය සංචාරයේ අපේක්ෂාවයි - කැබිනට් ප්‍රකාශක

    ජූලි 18, 2023

    ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අවබෝධතා ගිවිසුම්වලට එළඹීමට අවශ්‍ය කටයුතු රාජ්‍ය තාන්ත්‍රික මට්ටමෙන් ඉටුකිරීම ජනපතිතුමන්ගේ එළඹෙන ඉන්දීය සංචාරයේ බලාපොරොත්තුව බව කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසයි.

     අමාත්‍යවරයා මේ බව පැවසුවේ, අද (18) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යෙව්දියෙකු යොමුකළ පැනයකට ප්‍රතිචාර දක්වමිනි.

    මේ මස 20 වනදා ජනාධිපතිතුමා ඉන්දීය සංචාරයක යෙදෙන බව කැබිනට් මණ්ඩලයට දැනුම්දුන් බවද, එහිදී විශේෂයෙන් දෙරාජ්‍යය අතර ණය ප්‍රතිව්‍යූහගතකරණ වැඩපිළිවෙල සහ ආර්ථික, සමාජ, සංස්කෘතික අංශ වල ප්‍රගමනයට ආදාළ වන විවිධ සාකච්ඡා රාශියක් පැවැත්වීමට අපේක්ෂිත බවද අවධාරණය කළේය.

    කොවිඩ් 19 වසංගතය අවස්ථාවේදී ද ආර්ථික අර්බුදය ඉතා උග්‍ර වූ අවස්ථාවේදී ද අසල්වැසියා වශයෙන් ඉන්දියාව විශාල ආධාර ප්‍රමාණයක් සැපයූ බව සිහිපත් කළ කැබිනට් ප්‍රකාශකවරයා, ඒවා තවදුරටත් වඩා තාර්කික කරගැනීමටද මෙමගින් ඉඩකඩ උදාවන බව සිහිපත් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya