මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2023 වර්ෂය සඳහා ''සිසු සැරිය සේවා'' 250ක් ආරම්භ කිරීමට සැලසුම්- අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන

    ජූලි 18, 2023

    2023 වර්ෂය සඳහා ''සිසු සැරිය සේවා'' 250ක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙන බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (18) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක ''සිසු සැරිය බස් සේවය''  සම්බන්ධව යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

    එහිදී අඳහස් දැක් වූ අමාත්‍යවරයා; ඒ අනුව පොළොන්නරුව දිස්ත්‍රික්කය සඳහා ''සිසු සැරිය සේවා'' 10ක් ලබාදීමට පියවර ගන්නා බව කීය.

    ''සිසු සැරිය'' ක්‍රියාත්මක කරන්නේ රජයේ විශාල සහනාධාරයක් මතයි. වසරකට බිලියන දෙකකට වැඩි ප්‍රමාණයක් සහනාධාරය ලෙස ලැබේ. ආර්ථික ගැටළුව හේතුවෙන් ගෙවීම් නිසි ලෙස කිරීමට නොහැකිවීමෙන් ''සිසු සැරිය'' හා පෞද්ගලික බස් රථ හිමියන් ගැටළුවකට මුහුණ දෙයි. තවත් විශාල සහනාධාරයක් සීසන් ටිකට්වලට ලබාදෙන විට ක්‍රමයෙන් යෙදවෙන බස් ර්ථ සංඛ්‍යාව අඩු වෙයි. ඒ අනුව කැබිනට් මණ්ඩලය අනුමැතියෙන් කඉටුවක් දමා තිබෙනවා,මේ පිළිබඳ සළකා බලා, සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ යටතේ දිළිදු පවුල්වල දරුවන්ට කිසිදු මුදලක් අය නොකර නොමිලේ සීසන් ටිකට් පත ලබාදෙන්නට තීරණය කෙරේ. අලුත් ක්‍රමවේදයක් සම්බන්ධව කමිටුව විසින් විමර්ශනයක් සිදු කරමින් යන බවද අමාත්‍යවරයා පැවසීය.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya