මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මේ වන විට රටේ ආර්ථිකයේ ප්‍රතිසංස්කරණ රාශියක් සිදු කරමින් තිබෙනවා- මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ

    ජූලි 18, 2023

    මේ වන විට රටේ ආර්ථිකයේ ප්‍රතිසංස්කරණ රාශියක් සිදු කරමින් තිබෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

    පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අද (18) පාර්ලිමේන්තුවේ දී රටේ ආර්ථිකය ගොඩනැගීමට ගන්නා පියවර කුමක්දැයි විමසූ පැනයකට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.

    මීට මාස දොළහකට පෙර රටේ තිබූ තත්ත්වය පෙන්වා දුන් අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ සැම ත්‍රස්තවාදී කණ්ඩායම්වල ගොඳුරක් වූ බව කීය. එම තත්ත්වයෙන් මුදවාගෙන මේ වන විට ආර්ථිකයේ ප්‍රතිසංස්කරණ රැසක් ආරම්භ කර තිබෙන බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය.
    ''එදා ඔබතුමාලා හිටිය කැබිනට් මණ්ඩලය ගත්ත් තීන්දු තමයි මේ රට බංකොලොත් කළේ. ඔබතුමාට අවශ්‍ය උත්තරය දෙන්න මම සූදානම් නෑ. අද අපි ගේන ප්‍රතිසංස්කරණ තුළ,මෙ රටේ වංචාවක්,දූෂණයක් ඇති නොවන්නට,සියලු ප්‍රතිසංස්කරණ අරගෙන එනවා. විවිධ විවේචන එල්ල කරන කණ්ඩායම් මේ කරන කිසිදු ප්‍රතිසංස්කරණයකට සහයෝගය දී නැතැ''යි ද රාජ්‍ය
    අමාත්‍යවරයා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya