මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගුරු අධ්‍යාපනඥ සේවයට අගෝස්තු අවසන් වීමට පෙර පත්වීම් ලබාදෙනවා- අධ්‍යාපන අමාත්‍ය

    ජූලි 18, 2023

    ගුරු අධ්‍යාපනඥ සේවයට අගෝස්තු අවසන් වීමට පෙර පත්වීම් ලබාදෙන බව සභානායක,අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා පවසයි.

    විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අධ්‍යාපන අමාත්‍යවරයා අද (18) පාර්ලිමේන්තුවේ දී මේ බව පැවසීය

    ගුරු අධ්‍යාපඥ සේවයට විභාග දෙකක් පැවැත්වුවා. සීමිත තරඟ විභාගය පැවැත්වූවා. මේ වසරේ මුදල් වෙන් කර තිබෙන්නේ, දැනට ගුරු සේවයේ සිටින අයගෙන් ගුරු අධ්‍යාපනඥ පත්වීම් දුන්නාම,අතිරේක වැය බරක් භාණ්ඩාගාරයට එන්නේ නෑ. අනුකමිටුවෙන් ගත් 705 දෙනාගේ සම්මුඛ පරීක්ෂණ කිසිදු ගැටළුවකින් තොරව ලබන 26 දින පටන් ගන්නවා.අගෝස්තු අවසන් වීමට පෙර පත්වීම් ලබාදෙනවා. දැනට 866ක් ඉන්නවා. ප්‍රතිපාදන වෙන් කළ වහාම සීමිත තරඟ විභාගයේ සියයට 35%ත් ගන්නවා.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya