මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාර්ලිමේන්තුවේ සහ මන්ත්‍රීවරයන්ගේ වරප්‍රසාද කඩවීමේ සිද්ධි සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව හා සම්බන්ධ කරුණු විමර්ශනය කිරිමට විශේෂ කාරක සභාවක්

    ජූලි 18, 2023

    පාර්ලිමේන්තුවේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ වරප්‍රසාද කඩවීමේ සිද්ධි සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව හා සම්බන්ධ කරුණු විමර්ශනය කර ඒ සඳහා සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කිරීම සම්බන්ධයෙන් වන යෝජනාව අද (18) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය.

    කථානායක මහින්ද යාප්පා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් (17) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබේ.

    උක්ත පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව පත්කිරීමේ යෝජනාව හෙට සභාගත කිරීමට නියමිත අතර ඒ පිළිබඳ විවාදයක් ඉදිරි වෙනත් දිනයකදී පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ එකඟත්වය හිමිවූ බවද මහ ලේකම්වරිය සඳහන් කළාය.

    එයට අමතරව අද (18) සිට ආරම්භ වන පාර්ලිමේන්තු රැස්වීම් සතියේ කටයුතු පසුගිය 07 වැනිදා පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කළ පරිදි සිදු කෙරෙනු ඇති බවද මහ ලේකම්වරිය ප්‍රකාශ කළාය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya