මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අතරමැදියන් නොමැතිව එළවළු සහ පළතුරු මිලදී ගැනීම ප්‍රතික්ෂේප කරන ආර්ථික මධ්‍යස්ථාන අලෙවිසැල්වල බදු බලපත්‍ර අහෝසි කිරීමට තීරණයක්

    ජූලි 16, 2023

    ගොවිජනතාව වගා කරන එළවළු සහ පළතුරු අතරමැදියන් නොමැතිව මිලදී ගැනීම ප්‍රතික්ෂේප කරන ආර්ථික මධ්‍යස්ථාන අලෙවිසැල්වල බදු බලපත්‍ර අහෝසි කිරීමට තීරණය කළ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

     

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ,(12) කොළඹ දිස්ත්‍රික්කයේ සෝජාන් ක්‍රමයට එළවළු වගා කරන ගොවීහු හමුවූ අවස්ථාවේදීයි.

    එහිදී ගොවීන් ආර්ථික මධ්‍යස්ථානවල දැනට පවතින තත්ත්වය පිළිබදව අමාත්‍යවරයාට කරුණු පැහැදිළි කිරීමෙන් අනතුරුව අමාත්‍යවරයා මෙම තීරණයගනු ලැබීය.

    ගොවි ජනතාව වගා කරන එළවළු හා පලතුරු එම ගොවි ජනතාව විසින් ම අලෙවි කිරීම සඳහා ආර්ථික මධ්‍යස්ථාන වෙත ගෙන යාමේ දී අලෙවි සැල්අයිතිකරුවන් ඒවා ගොවීන්ගෙන් ඝෘජුවම මිල දී ගැනීම ප්‍රතික්ෂේප කරන බව ගොවිජනතාව අමාත්‍යවරයාට පැමිණිළි කර තිබේ.

    ආර්ථික මධ්‍යස්ථාන වෙත ගෙන එන එළවළු හා පලතුරු අතරමැදියන් මගින් ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙන්දන් මිල දී ගනු ලබන්නේ අතරමැදියන්පිරිසකගෙනි. මෙම අතරමැදි පිරිස ගොවි ජනතාව මෙන්ම පාරිභෝගිකයින් ද සූරා කෑමේ වැඩ පිළිවෙළක් ආර්ථික මධ්‍යස්ථානවල ක්‍රියාත්මක කරවන බවපෙනී ‌ ගොස් තිබේ.

    ආර්ථික මධ්‍යස්ථානවල අලෙවිසැල් බදු පදනම යටතේ ලබා දී ඇති ඒවා බවත් විශාල පිරිසක් දීර්ඝකාලයක් තිස්සේ ඒවායේ අලෙවි කටයුතු සිදු කරන බවත්කෘෂිකර්ම අමාත්‍යංශය පෙන්වා දේ.නමුත් ඔවුන් ආර්ථික මධ්‍යස්ථානවල මිල තීරණය කරන පිරිස්වල ජාවාරම්වලට උඩගෙඩි දෙමින් ගොවි ජනතාවගේනිෂ්පාදන කුණු කොල්ලයට ගසා කන අතර, වැඩි මිලට ඒවා අලෙවි කරමින් පාරිභෝගික ජනතාව ද පීඩාවට පත් කරන බවත් එම අමාත්‍යංශය පෙන්වා දේ.

    මේ නිසා ආර්ථික මධ්‍යස්ථානවල කළමනාකරුවන් හා ආර්ථික මධ්‍යස්ථානවලට පලතුරු හා එළවළු සපයන ගොවින් කැඳවා මේ සම්බන්ධව පුළුල් ලෙසසාකච්ඡා කිරීමට කෘෂිකර්ම අමාත්‍යවරයා තීරණය කර ඇත.

    රජය ආර්ථික මධ්‍යස්ථාන පිහිටුවන ලද්දේ ගොවි ජනතාව මෙන්ම පාරිභෝගික ජනතාව ද කළුකඩකරුවන්ගෙන් ආරක්ෂා කිරීම සඳහා වේ.

    මෙම තත්ත්වය වළක්වා ගොවියා හා පාරිභෝගිකයා යන දෙදෙනාම ආරක්ෂා කර ගොවීන්ට කිසිදු අතරමැදියෙකුගේ සහයෝගය නැතිව තම නිෂ්පාදනආර්ථික මධ්‍යස්ථානවලට අලෙවි කිරීම සඳහා අවස්ථාව කඩිනමින් සළසන බව අමාත්‍යවරයා පැවසීය.

    ආර්ථික මධ්‍යස්ථානවල තිබෙන කඩ කාමර සංඛ්‍යාව තවදුරටත් පුළුල් කිරීමටත්, ඒ සඳහා රජය වෙන් කර ඇති මුදල් යෙදවීමටත් සැළසුම් කර තිබේ.

    මේ වනවිට මෙරට සියලු ආර්ථික මධ්‍යස්ථානවල භාරකාරිත්වය කෘෂිකර්ම අමාත්‍යාංශයට පවරමින් ජනාධිපතිවරයා විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර ඇත.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya