මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රාජ්‍ය නිලධාරීන්ට දේශීය විදේශීය වැටුප් රහිත නිවාඩු ලබා දීම- චක්‍රලේඛය නිකුත් කෙරේ

    ජූලි 15, 2023

    ජ්‍යෙෂ්ඨතාවට හා විශ්‍රාම වැටුපට හානියක් නොවන පරිදි රාජ්‍ය නිලධාරීන්ට දේශීය විදේශීය වැටුප් රහිත නිවාඩු ලබා දීමට අගමැති ඉදිරිපත් කල යෝජනාවට කැබිනට් අනුමැතිය- චක්‍රලේඛයත් නිකුත් කෙරේ

    ජ්‍යෙෂ්ඨතාවයට හා විශ්‍රාම වැටුපට හානියක් නොවන සේ රාජ්‍ය නිලධාරීන්ට දේශීය හෝ විදේශීය වැටුප් රහිත නිවාඩු ලබා දීම පිළිබඳ අවධානය යොමු කල රාජ්‍ය පරිපාලන,ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඒ සඳහා වන යෝජනාව පසුගිය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලදි.

    ඒ පිළිබඳ සළකා බැලූ කැබිනට් මණ්ඩලය මේ සඳහා වන සිය අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව 2023/07/13 දින රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 14/2022(III) යටතේ රාජ්‍ය පරිපාලන ,ස්වදේශ කටයුතු,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශ ලේකම් කේ.ඩී.එන් .රංජිත් අශෝක මහතාගේ අත්සනින් එකී චක්‍රලේඛය නිකුත් වී තිබේ.

     PHOTO 2023 07 14 09 32 42

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya