මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නවීකරණයෙන් පසු යාපනයට දුම්රිය ගමන් අරඹයි

    ජූලි 15, 2023

    නවීකරණය කෙරුණු උතුරු දුම්රිය මාර්ගයේ අනුරාධපුර සිට ඕමන්ත දක්වා කොටසේ ගමනාගමන කටයුතු ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් (07/13)දින නිල වශයෙන් ආරම්භ කරනු ලැබීය.

    අනුරාධපුර දුම්රිය ස්ථාන පරිශ්‍රයේ සිදුකෙරුණු සමාරම්භක අවස්ථාව සංකේතවත් කරමින් දුම්රිය ස්ථාන පරිශ්‍රයෙහි අමාත්‍යවරයාගේ සුරතින් දුර්ලභ "පඬු කරඳ" ශාකයක් රෝපණය කිරිමද සිදුවිය. මීට අමතරව කිලිනොච්චිය සහ යාපනය දුම්රිය ස්ථානවලද "පඬු කරඳ" ශාක රෝපණය කරන ලදි.

    අනුරාධපුර දුම්රිය ස්ථාන පරිශ්‍රයේ නවීකරණය කෙරුණු දුම්රිය මාර්ගය මධ්‍යයෙහි සාම්ප්‍රදායික හින්දු චාරිත්‍ර ඉටුකිරීමෙන් අනතුරුව දුම්රිය අනුරාධපුර සිට යාපනය දක්වා ගමන් ආරම්භ කරන ලදි.
    මෙම අවස්ථාවේ අදහස් දැක්වූ අමාත්‍යවරයා,
    කෙටි කලක් සංවර්ධන කටයුතු වෙනුවෙන් නතර කර තිබූ යාපනය සිට කොළඹ දක්වා දුම්රිය ගමන් එළඹෙන 15 වැනිදා සිට නැවතත් සුපුරුදු පරිදි ආරම්භ කෙරෙනවා. ඊට අමතරව යාපනය ප්‍රදේශයේ වර්ධනය වන සංචාරක ව්‍යාපාරය නගාසිටුවීම උදෙසා සහ ප්‍රදේශයට පැමිණෙන බැතිමතුන්ගේ පහසුව වෙනුවෙන් අගෝස්තු පළමුවැනිදා සිට කොළඹ සිට යාපනය දක්වා නව සුඛෝපභෝගී රාත්‍රී සංචාරක දුම්රියක් ආරම්භ කිරීමටද අප කටයුතු යොදා තිබෙනවා.

    ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද , පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ ,පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන් , ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ කොන්සියුලර් ජනරාල් ඇතුළු නිලධාරීන්, දුම්රිය සාමාන්‍යාධිකාරි ඩබ්ලිව් ඩී එස් ගුණසිංහ , ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ලලිත් ද අල්විස් යන මහත්වරු ඇතුළු නිලධාරීන්, ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයින්, ප්‍රදේශවාසීන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya