මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යාපනය ප්‍රදේශයේ ග්‍රාමීය මාර්ගවල ධාවනයට නව බස්රථ 24ක්‌

    ජූලි 15, 2023

    උතුරේ පොදු ප්‍රවාහනය නංවන්නට රු. මිලියන 360ක නව බස්රථ ධාවනයට එක් කෙරේ.

    ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා 75 වන නිදහස් සමරුවට සමගාමීව මෙරට ග්‍රාමීය මාර්ගවල පොදු ප්‍රවාහන සේවාවන් ශක්තිමත් කිරීම උදෙසා ලංකා ගමනාගමන මණ්ඩලය මගින් නව බස් රථ 500ක්‌ ධාවනයට එක් කිරීමේ වැඩසටහන යටතේ, යාපනය ප්‍රදේශයේ ග්‍රාමීය මාර්ග වල ධාවනය උදෙසා නව බස්රථ 24ක්‌ ධාවනයට එක් කිරීම ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් යාපනයේ දී සිදු කෙරිණි.

    මෙම වැඩසටහන යටතේ ලංගම උතුරු ප්‍රාදේශීකයේ ඩිපෝ 7ක්‌ වෙනුවෙන් අදියර දෙකක් යටතේ නව බස් රථ 32ක්‌ බෙදා දී තිබේ.
    මෙම අවස්ථාවේ අදහස් දැක්වූ අමාත්‍යවරයා,
    ජනාධිපතිතුමා ප්‍රමුඛ රජය රටේ සියළු පළාත්වලට මෙන්ම උතුරු නැගෙනහිර ප්‍රදේශ වලටත්, සමාන පහසුකම් ලබාදීමට කටයුතු කරනවා. පසුගිය වසර තුනක කාලය පුරාවට විවිධ හේතුන් මත විශාල පීඩාවන්ට රැසකට ජනතාව මුහුණ දී තිබෙනවා. ඒ හේතුවෙන් ම පොදු ප්‍රවාහන සේවාවන් උදෙසා පවතින ඉල්ලුම විශාල ලෙස වැඩි වී තිබෙනවා. එම නිසා එම සේවාවන් තවදුරටත් වර්ධනය කිරීමේ වගකීම රජයට පවතිනවා. නමුත් ඒ වෙනුවෙන් දැරීමට සිදුවුන ප්‍රාග්ධන වියදම් සපයා ගැනීමේ විශාල අභියෝගයකට රජය මුහුණ දී සිටිනවා.
    එවැනි අපහසුතාවයන් අතර වුවත් ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ නව බස්රථ 32ක්‌ මෙම ප්‍රදේශවල ජනතාවගේ පහසුව වෙනුවෙන් යෙදවීමට හැකි වීම පිළිබඳව අප සතුටු වනවා. ඒ වෙනුවෙන් ඉන්දියානු රජයට සහ මහ කොමසාරිස් තුමා ඇතුළු නිලධාරින්ට අපගේ විශේෂ ස්තූතිය පිරිනමනවා.

    ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ ,පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන්, ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන්, ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ලලිත් ද අල්විස් , ප්‍රධාන විධායක නිලධාරී මහේෂ් කුලතිලක යන මහත්වරු ඇතුළු නිලධාරීන්, ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයින්, ප්‍රදේශවාසීන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya