මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නීති විරෝධී ලෙස රැගෙන යාමට උත්සාහ කළ රත්‍රං තොගයක් කල්පිටියේ දී නාවික හමුදා භාරයට

    ජූලි 13, 2023

    ශ්‍රී ලංකා නාවික හමුදාව (2023 ජුලි 12) අළුයම් කාලයේ කල්පිටිය, වන්නිමුන්දලම කළපු ප්‍රදේශයේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් රැගෙන යාමට උත්සාහ කල රත්‍රං කිලෝ 08 ග්‍රෑම් 450 ක පමණ තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) සහ ඩිංගි යාත්‍රාවක් (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

    මුහුදු මාර්ග ඔස්සේ සිදු කෙ‍රෙන විවිධ ජාවාරම් සහ නීති විරෝධී කටයුතු මැඩ පැවැත්වීම සඳහා නාවික හමුදාව දිවයින වටා වෙරළ හා මුහුදු තීරය ආවරණය වන පරිදි නිරන්තර මුර සංචාර සහ සෝදිසි මෙහෙයුම් සිදුකරනු ලබයි.

     ඒ අනුව, වයඹ නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනය මඟින් කල්පිටිය, වන්නිමුන්දලම කලපු ප්‍රදේශයේ (2023 ජුලි 12) අළුයම් කාලයේ සිදුකල මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී, එම කලපු ප්‍රදේශය ඔස්සේ කල්පිටිය මුහුදු ප්‍රදේශය දෙසට යාත්‍රා කරමින් තිබූ සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් නිරීක්‍ෂණය කර පරීක්‍ෂාවට ලක් කෙරිණි.

    එහිදී, එම ඩිංගි යාත්‍රාව තුල සූක්‍ෂම ලෙස සඟවා නීති විරෝධී ලෙස රැගෙන යාමට උත්සාහ කල බවට සැකකෙරෙන පාර්සල් හතරක (04) අසුරන ලද රත්‍රං කිලෝ 08 ග්‍රැම් 450 ක තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) සහ ඩිංගි යාත්‍රාවක් (01) මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

     තවද, මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් වයස අවුරුදු 37 ක් සහ 42 ක් වන කල්පිටිය මණ්ඩලකුඩා ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනාගන්නා ලද අතර, එම සැකකරුවන් දෙදෙනා (02), රත්‍රං කිලෝ 08 ග්‍රෑම් 450 ක පමණ තොගය සහ ඩිංගි යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා කටුනායක රේගු නිවාරණ කාර්යාලය වෙත භාරදීමට කටයුතු කෙරිණි.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya