මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහ කන්නයේ පොහොර මිල දී ගැනීමට වව්චර්පත් වෙනුවට අදාළ මුදල් ගොවි ගිණුම්වලට 

    ජූලි 12, 2023
    ලබන මහ කන්නයේ දී පොහොර මිල දී ගැනීමට වව්චර්පත් වෙනුවට අදාළ මුදල් ගොවි ගිණුම්වලට බැර කරන බව කෘෂීකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
     කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී ඊයේ (11) පැවැති සාකච්ඡාවකට සහභාගි වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
    ඒ අනුව වවුචර්පත් බෙදා හැරීමේ දී පවතින ප්‍රායෝගික ගැටලු හේතුවෙන් එළැඹෙන  මහ කන්නයේ දී පොහොර මිල දී ගැනීම සඳහා ගොවීන්ට  වවුචර් පත් නිකුත් නෙකිරීමට තීරණය කර ඇති බවද ඒ මහතා කියා සිටී.
     
    මෙම යල කන්නයේ දී රසායනික පොහොර හෝ කාබනික පොහොර මිල දී ගැනීම සඳහා රජය ගොවීන්ට වවුචර්පත් සහනාධාරයක් වශයෙන් බෙදා දීමට පියවර ගෙන ඇත.
     
     ඒ අනුව හෙක්ටයාර් එකකට රුපියල් 20,000ක් හා හෙක්ටයාර් දෙකකට රුපියල් 40,000ක් වශයෙන් යල කන්නයේ වී වගා කරන සියලුම ගොවීන්ට සහනාධාර මුදලක් වශයෙන් වවුචර්පත් නිකුත් කර තිබේ.
     
    ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ දත්ත අනුව රටේ සමස්ත වී ගොවීන් සංඛ්‍යාව ලක්ෂ 12ක් වන අතර  මින් ගොවීන් 534,433කට ජුලි මස 04 දින වනවිට වවුචර්පත් නිකුත් කර ඇත. යල කන්නයේ දී වී වගා කළ ගොවීන් ප්‍රමාණය හත් ලක්ෂ දාහත්දහසකි.
     
    මෙම සමස්ත වවුචර් ප්‍රමාණ‌යේ වටිනාකම රුපියල් බිලියන 11ක් වේ. ඒ වෙනුවට ලබන මහ කන්නයේ දී ගොවීන්ට තම අභිමතය පරිදි රසායනික පොහොර හෝ කාබනික පොහොර මිල දී ගැනීම සඳහා ගොවි ගිණුම්වලටම මුදල් යෙදවීමට තීරණය කළ බව ද අමාත්‍යවරයා පැවසීය.
     
    රට තුළ ආර්ථිකමය වශයෙන් ගැටලු සහගත තත්ත්වයන් පැවැතියත් රජය ගොවි ජනතාවගේ නිෂ්පාදන වියදම් අඩු කර ගැනීම සඳහා ලබා දෙන සහන තවදුරටත් ලබා දෙන බවත්, මේ නිසාම මෙම වසර අවසානය වන විට මෙරට සහල් අතිරික්තයක් ඇති විය හැකි බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
     
    විශේෂයෙන් ගොවීන්ට සහන සැලසීම සඳහා විෂයබාර අමාත්‍යවරයා වශයෙන් තමන් ඉදිරිපත් කළ යෝජනා කළ සියල්ලම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  අනුමැතිය ලබා දුන් බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
     
     
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya